(ජේ ඒ එල් ජයසිංහ)

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එල්ලවී ඇති බාළ ළමා අපචාර දූෂණ සිද්ධිය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාව ,පල්ලේගම හේමරතන හිමියන් විසින් දරණ ලද ධූරයන් අත්හිටුවීමට තීරණය කර තිබේ.

හේමරතන හිමියන් විසින් දරණ ලද ධූරයන්හී කටයුතු සඳහා ,ඊතලවැටුණු වැවෙි ඤාණතිලක හිමියන් පත්කිරීමට මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ.