අරගලයන් හිදී පොලීසිය මගින් කාන්තාවන්ට සිදුකරන හිරිහැර වලට එරෙහිව කාන්තාවන්ව පොලීසියේ නොමිනිස් කමේ ගොදුරක් කරගන්න එපා  ,  පොලිස්පති තුමනි කාන්තාවන්ට බුරන පානදුරපොලීසියේ සුනඛයා බැඳ දමනු  යන විරෝධතා පුවරු අතැතිව අරගල කරුවෝ පිරිසක් අද ( 17 ) පස්වරුවේ කොළඹ  පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ.
මෙම අවස්ථාවට කතෝලික පූජක වරුන් , නීතිඥයින් , සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ අරගල කරුවෝ එක්ව සිටියහ .

(ඡායාරූප ගයාන් අමරසේකර)