(ඩි.ජී.සුගතපාල)

තිහගොඩ පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි පහරකින්   හිසට  බරපතල තුවාල ලද පාසල් සිසුවාගේ ජීවිතය බේරා ගැනිමට හැකිවු බව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හරෂණි ඔබේසේකර මහත්මිය පැවසුවාය.

මාතර තිහගොඩ නායිම්බල පදිංචි හර්ෂ හංසක දේශාන් සිසුවා පසුගිය මස 28 වැනි දින මෙම අවාසනාවන්ත සිදුවිමට මුහුණ පා ඇත.