( පුෂ්පකුමාර ජයරත්න) 

පොලීසියට වෙට්ටු දමා යතුරු පැදියකින්  පලා යාමට තැත් කරද්දී කුරුණෑගල කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් අත්අඩංගුවට ගත් සැකකරු සොරකම්,මිනීමැරුම් සහ ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ වූවකු බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු  ⁣දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කර තිබූ මෝටර් රථ 2 ක්, වෑන් රථයක්, කැබ් රථයක්, ත්‍රීරෝද රථ 2 ක් සහ යතුරු පැදි 8 සොයා ගත් බව පොලීසිය කියයි.

බියගමින් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් මෝටර් රථ, කුරුණෑගලින් වෑන් රථයක් කැබ් රථයක් ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් සහ කළුතර දකුණෙන් ත්‍රීරෝද රථයක්ද, මහව බම්බලපිටිය අනුරාධපුර නිකවැරටිය වාරියපොළ ප්‍රදේශවලින් යතුරු පැදි සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.

⁣මෙසේ සොරාගෙන යන රථවාහනවලින් කීපයක් කොටස්වලට කඩා විකුණා තිබූ බවද අනෙක් රථවාහන ඉතා අඩු මුදලකට විකුණා ඇති බවද පොලිස් පරීක්ෂක වලදී අනාවරණය වී ඇත.

වාරියපොළ මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු නුවරඑළිය ප්‍රදේශයේදී කරන ලද මිනිස් ඝාතන දෙකකට සහ ලිංගික අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකු අතර පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු පැමිණි යතුරු පැදියද අනුරාධපුර ප්‍රදේශයේදී සොරකම් කරන ලද එකක් බවට අනාවරණය වී තිබේ.