
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල් වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනේ පළමු වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් අද(10)පැවැත්විණි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" යන තේමාව යටතේ පැවැති මෙම "ආරෝග්‍යා” ජංගම සුව සායනය සඳහා කැලණිය, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාස වල පොලිස් ස්ථාන නියෝජනය කරමින් 600 කට අධික කාර්ය මණ්ඩලයක් එක්ව සිටියහ,
මෙම ජංගම සායනයෙන් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ද සිදු කෙරුණි.
මෙම ජංගම සායනයෙන් හඳුනා ගනු ලබන රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබූ අතර, කොළඹ ජාතික රෝහල, මීගමුව රෝහල ඇතුළු රෝහල්වල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් ජංගම සායනය පැවැත්විණි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" යන තේමා පාඨය යටතේ මෙරට සියලු ජනතාවට ශාරීරික, මානසික නිරෝගි ජිවිතයක් ගත කිරිමට ප්‍රශස්ත සෞඛ්‍ය සෙවාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවැසීය.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිසියට බේත් කරයි
Bunny Preena Friday, 12 September 2025 10:25 AM
වෛද්‍ය සේවයෙන් නම් බෙහෙත් ගත්තු කෙනෙක් නැවත නැවතත් බෙහෙත් ගන්න රෝහලkට යයි. හැබැයි ඉතින් පොලිසියෙන් එක වරක් බෙහෙත් ගත්තු එකෙක් මොලය තියෙනවා නම් ආයෙත් ජීවිතේට පොලිසියෙන් බෙහෙත් ගන්න වෙන විදියේ ලෙඩක් නම් දා ගන්න එකක් නැහැ. ඒක ඒ තරමටම ශුවර්