
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල ධීවර වරාය ආසන්නයේ දී පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව ප්‍රදේශවාසිහු පවසති.
පොලිසියට පහර දුන් බව කියන සිද්ධියට සම්බන්ධ සිව් දෙනකුද පොලිස් භාරයට ගෙන තිබේ.
බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් දී ඇත.
එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදී ඇති බවද සදහන් වේ.
එහිදී පිරිස පාලනය කිරීමට පොලිසිය උණ්ඩ දෙකක් අහසට වෙඩි තබා ඇති බව ප්‍රදේශවාසීයෙක් පැවසීය.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලන්නේ බෞද්ධ කොඩි, එල්ලෙන්නේ වලි වලට...
උතුරේ කොඩි එල්ලනකොට මෙහෙම බාධා කිරීම් නෑ.
දන්සැලක් වුණොත්, තොරණක් වුණොත්, මලගෙයක් වුණොත් එතැන පොලිස් බලතල වලටත් එහා ගිය බලයක් අපේ අය අතට ගන්න තමයි බලන්නේ. මේ ගැන හැමෝම සිතීම වටී...
බෞද්ධ සැරසිලි කළාට කෝ ඔවුන් ළඟ බෞද්ධ ගති ගුණ? කොහොමද එලෙස කලහකාරී වෙන්නේ...?
පහර කන ලද පොලිස් නිලධාරියෙක් එතැන නැහැ... ඔහු අන්‍ය ආගමිකයෙක් වෙන්න පුළුවන්. එපමණයි...!
යක්ඛ පුත්තු වෙන්න ඇති...
ගලගොඩ දාම ඝාතකයා, එදා අහිංසක මුස්ලිම් කොල්ලෙක් මැරුවේ මෙහෙම පොඩි ප්‍රශ්ණයක් පාදක කරගෙන. දැන් ටිවී එකට වොයිස් ටොක් දෙනවා.