IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිසියෙ හතලියකට ස්ථාන මාරු

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 40 කට ස්ථාන මාරු කිරීම් ජාතික පොලිස් කොම්ෂන් සභාව අනුමත කර ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරුන්  වන ඒ ජී ජේ. චන්ද්‍ර කුමාර පොලිස් ක්ෂේත්‍ර බලකා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, එස්.එම්.වයි.සෙනෙවිරත්න කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, එල්.ඒ.යූ. සරත් කුමාර කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ආර් ඒ.ආර් එන්.රාජපක්ෂ පොලිස් ශිෂ්‍ය බට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, ඒ.එල්.යූ.එන්.පී. ලියනගේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ස්ථාන මාරු ලබා දී ඇත.

කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.එල්.ආර්. අමරසේන විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙසත්, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ.ඩී. කුමාරි ක්ෂේත්‍ර  බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනී ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.එම්.එන්.ටී.කුමාර ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙසත්,  කේ.ජී.පී.බී. සමරපාල කොළඹ උතුර කොට්ඨාස භාර   නිලධාරී ලෙසත්, ජී.සුගත් කුමාර කොළඹ මධ්‍යම බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත් පත් කර ඇත.

තවද පී.එම්.ආර්. අඹේපිටිය කන්කසන්තුරේ කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, එච්. ඩබ්ලිව්. ඉරේෂා මුතුමාල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසත්, පී.ජේ.එම්.ආරියසේන වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජී.පී.එස්. ගුණතිලක අම්පාර කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත කැබිතිගොල්ලෑව බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත්, කේ.එස්.කේ. රූපසිංහ විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, මංගල දෙහිදෙණිය නුගේගොඩ කොට්ඨාශ බාර නිලධාරී ලෙසත්, ජේ.පී.එස්. ජයමහ යාපනය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, සීඩී ලියනගේ සීතාවක කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් පත් කර ඇත.

ඒ අනුව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් ලෙස ඒ ඒ ඉදිරි මාන්න මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, අයි.යූ.කේ. ලොකුහෙට්ටි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ඩබ්.ඒ.ටී.කේ. විතානගේ කන්තලේ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, පී ටී සිසිර කිලිනොච්චිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, ජී එල් ලීලාරත්න මඩකලපුව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, ආර්.ඒ.ඩී.ඒ.එල්. රන්දෙනිය ඇල්පිටිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, සී.සී. බමුණු ආරච්චි පොලිස්පතිගේ පෞද්ගලික සහකාර සහ පොලිස්පති ලේකම් කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙසත්, එම්.එස්කේ. වික්‍රමනායක කැලණිය කොට්ටාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

තවද කේ.ජේ.එස්. කරුණාසිංහ මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත්, එම්.එස්. මොහාන්ලාල් සංචාරක පොලිස් කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එල් ඒ. සූරිය බණ්ඩාර කොළඹ දකුණ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත්, එච් අයි ආර් එන් පෙරේරා හලාවත කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත්, කේ.බී. මනතුංග පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ  මාධ්‍ය ප්‍රකාශක ලෙසත්, ඩබ්.එච්.එච්.එම් බණ්ඩාර පුත්තලම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙසත්, යූ.පී. සෙනෙවිරත්න තංගල්ල කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, ඒජේ ගුණසේකර ළමා හා කාන්තා අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, එච්.ඩී.කේ.එස්. පෙරේරා ප්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, කේ.බී.කේ. පෙරේරා අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් වැඩ බලන ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්.එම්. සමරකෝන් බණ්ඩා ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, පොලිස් අධිකාරීවරුන් වන ජේ.එච්.එම්.එන්. ජයම්පත් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, කේ.ඒ උදය කුමාර   වලාන  දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙසත්,  ඩබ්.වී.ඩී.ජී. සමන්තිලක බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් පත් කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

 



අදහස් (3)

පොලිසියෙ හතලියකට ස්ථාන මාරු

Saman Tuesday, 03 December 2024 09:08 AM

සැම ආණ්ඩුවක්ම කරේ බලේට ආපු ගමන් පොලීසි වල තමන්ට ඕන අය තමන්ට ඕන තැන්වලට දාගන්න එක . මේ නින්දිත වැඩ නවතින්නේ කවදාද

:       14       7

Ruwsn gunawardaa Tuesday, 03 December 2024 12:56 PM

රාජ්‍යයට පක්ෂපාති අය අනිවාර්යයෙන් පත් කළ යුතුය එසේ නොවුණොත් පවතින රජයේ දැඩි අපහසුතාවයට පත්විය හැකිය

:       2       3

රුවන් Tuesday, 03 December 2024 02:45 PM

රජයට පක්ෂපාතී නෙමෙයි, නිතීයට පක්ෂපාතී අය තමයි පත් කරන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site