
(නිමල් ජයරත්න, චාපා මදුභාෂනි සහ හෙන්රි ලයනල්)
හිඟුරක්ගොඩ කිරිමැටිය ගම්මානයට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි බව කියන තරුණයන් සිව් දෙනකු ගම්වාසීන් අල්ලා පොලිසිය බාර දී ඇත.
ඔවුන් සතුව තිබියදී ගම්වාසී සොයගත් අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, හෙරෝයින් ද සැකකරුවන් සමග පොලිසියට බාරදි ඇත.
නාඳුනන පිරිසක් දින ගණනක සිට මත්ද්‍රව්‍ය ලබාගැනීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ගම්මානයට පැමිණෙන බව ගම්වාසූහු පවසති. මේ පිළිබඳ තමන් දිගින් දිගටම හිඟුරක්ගොඩ පොලීසියට, සුරාබදු දෙපාර්තමේන්තුවට සහ ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දැනුම් දුන්න ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට එම ආයතන අපොහොසත් වු බවද ගම්මුහු චෝදනා කළහ.
පොලිසියට අල්ලා දුන් තරුණයක් අවුරුදු 24, 25, 26 වයසේ පසුවන කිරිමැටිය සහ දියසෙන්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද ගම්වාසීහු පවසති.
දින ගණනාවක් සිට රැක සිට ගම්මානයෙ තරුණයන් මෙන්ම වැඩිහිටියන් 200 ආසන්න පිරිසක් එකතු වී මඟ රැකවලා මෙම සිවුදෙනා අල්ලා පොලිසිය බාරදි ඇත.
ගැමියන්ගේ බාරයට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මාධ්‍යවේදීන් එනතුරු පොලීසියට බාරදීමට කටයුතු නොකළ අතර මාධ්‍යවේදීන් පැමිණි අදාළ වීඩියෝගත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඉදිරියේ සැකකරුවන් හා ඔවුන් ළඟ තිබී සොයාගත් කුඩු, ගංජා සහ අයිස් ද හිඟුරක්ගොඩ පොලීසියට බාරදීමට කටයුතු කළහ,
අප මේ පිළිබඳව හිඟුරක්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ටි. එන්, ජී, විමලදාස මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීය.
ගැමියන් අල්ලාගත් සිවු දෙනකු පොලිසියට බාරදී තිබෙනවා. ඔවුන් සතුව තිබුණේ ගංජා පමණයි, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ සිව්දෙනා හෙට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විමලදාස මහතා අප කළ විමසීමකදී කීවේය,



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට පොලීසියේ අනුගහය ඇති බවට මේ තවත් එක් සාධකයකි.
ඒ කියන්නේ පොලිසිය අයිස් කුඩු කරල සිසිල් බීම පානය කරල නේද?
කුඩු වල බලය දැක්කද . නොපෙනී යනව.
අපේ පැත්තේ හොර රහසේ කසිප්පු පැකට් කරලා විකුණනවා. ඒ හැම වෙලාවකම පොලිසියට පගාව දීලා බේරෙනවා.
ඉතිං ගම්මුන්ට තියෙන්නේ වීඩියෝ කරපුව අධිකරණයට ඉදිරිපත් කරන්න. එතකොට පොලීසිය උත්තර දෙයිනේ...!