IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිසිය තුළදී පිහි පහරින් අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයකු රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජයන්ත පෙරේරා නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

පැමිණිලිකාර කාන්තාවට හිරිහැර කිරීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා  අද දින නවගමුව පොලිසියට කැඳවා සුළු පැමිණි පැමිණිලි අංශයේ සැරයන්වරයකු පැමිණිල්ල විභාග කරමින් සිටියදී එම කාන්තාව සමඟ පැමිණි ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.

පිහි ප්‍රහාරය ඔහුගේ පිට ප්‍රදේශයට එල්ල වී ඇති අතර බරපතළ තුවාල ලබා නවගමුව රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සැකකාර පුද්ගලයා පිහියත් සමග අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (3)

පොලිසිය තුළදී පිහි පහරින් අයෙක් මරුට

විමල් Sunday, 07 August 2022 08:50 PM

පොලිසිය තුළදී අනිනවා මැරෙනවා, උසාවිය තුළදි වෙඩි තියනවා මැරෙනවා, අපේ රටේ නම් මේ වනවිට වගකිවයුත්තෝ අවම දෙන්නෙක්වත් ඉල්ලා අස්වෙලා. ඔය ජහමනදීපේ එහෙම නෑ!!!

:       1       11

sharm warn Monday, 08 August 2022 09:26 AM

අර දේශබන්දු කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න බැරැ, ජනාධිපති නිලනිවසේ පැපොල් බාගෙ කාපු කොල්ලව අල්ලන්න පස්සෙන් එළවන පොලිසියනේ... ඔය පිහියෙන් ඇනපු මනුස්සයාව ඇප පිට නිදහස් නොකළොත් තමයි පුදුමේ... මොකද ඇහින් දුටු සාක්ෂි වෙන්නේ පොලිස් අයියලටනේ..

:       0       1

Kumara Monday, 08 August 2022 10:51 AM

කොල්ලො කුරුට්ට්න්ව අල්ලන්ඩ ලොකෙ වටෙ යන අපේ බයියල. ඇදුම් නැතුව ඉන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site