(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හොඳ සෞඛ්‍ය තත්වයක නොසිටින (සෞඛ්‍යය පරිසාධන මට්ටම) නිලධාරීන් 4000ක් පමණ පොලිසියේ සිටින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීය.
සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍යාංශයට යොමු කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.
එසේම පොලිස් නිලධාරීන් විශාල පිරිසක් විශ්‍රාම යන හෙයින් පොලිස් නිලධාරීන් 16000 ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇතිවන බවද පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ කාරණා හෙළිදරව් වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (20) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බෙහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් වෛද්‍ය සහතික පෙන්වා ඔවුන් අපහසු රාජකාරීන්වල නොයෙදෙන බවත් මන්ත්‍රීවරු පිරිසක් පැවසුහ.
නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් මේ හේතුවෙන් අපහසුතාවට පත්වන බවද ඔවුහු පෙන්වා දුන්හ.
මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතැයි පැවසෙන පොලිස් නිලධාරීන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
අන්තර්ජාලය භාවිත කරමින් පුද්ගල චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමුවිය.
අන්තරායකාරක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවල කාර්ය සාධනය පිළිබඳවද සාකච්ඡා කෙරිණ.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලොහාන් රත්වත්තේ, ශාන්ත බණ්ඩාර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, මහින්දානන්ද අලුත්ගමගේ, චන්දිම වීරක්කොඩි, චින්තන අමල් මායාදුන්න, ඩී. වීරසිංහ, අසංක නවරත්න, (වෛද්‍ය) ගයාශාන් නවනන්ද සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න ලෙඩ්ඩුන්ට මොකද කරන්නේ
රටේ යුද්දෙ නැති වුණත් විශාල සෙබළ පිරිසක් හමුදාවල සිටිනවා. ඔය පුරප්පාඩුවට හමුදාවේ සිටින කැමති කෙනෙකුට ඉල්ලන්න දෙන්න. පුහුණුවක් දීලා පොලීසියට බඳවා ගන්න. හමුදා පුහුණුවකුත් තිබෙන නිසා හදිසි අවස්ථාවක විශාල පිටුවහනක් වේවි.
ලෙඩ දාගනපු කී දෙනෙක් ඉන්නවට කියලා හෙව්වේ නැද්ද. පොලීසියට අද වෙලා තියෙන්නේ සීමිත පිරිසක් රකින්න පොදු මහජනයා වෙනුවෙන් වැය කරන්න කාලයක් නෑ ඔක්කොම කුණු පොලිසියටයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලටයි පටවන්නේ. අවසානයේ ජනතාවට ඵලදායී සේවයක් ලැබෙනවා කියලා හිතන්න අමාරුයි. හැමෝටම වැඩ බෙදිලා යන ක්‍රමයක් හැම ක්ෂේත්‍රයටම අවශ්‍යයි.
පොලිසියේ ලොක්කා දන්නෙ නැද්ද රජයේ සේවකයින් හා නිළධාරින් අසනීපයෙන් ඉන්නවා නම් කරන්න ඕන දෙය ආයතන සංග්‍රහයේ තියෙනවා හැබැයි සමහරක් අය දන්නෙ නැහැ රාජකාරි ලිපියක් ලිවීමේදී ලිපියක් යවන්න උපදෙස් දුන් නිළධාරින් නොවන කෙනෙක් අත්සන් කලොත් උපදෙස් දුන් නිළධාරියා වගකිවයුතුය කියලා මට එහෙම දෙයක් වුනා .ආයතන සංග්‍රහයේ තියෙනවා අසනීපයෙන් ඉන්නවා නම් වයිද්‍ය හේතු මත වයිද්‍ය මණ්ඩලයකට යවල ලැබෙන තීරණය අනුව විශ්‍රාම ගැන්වීමට හැකියාව තියෙනවා වයිද්‍ය සහතික පෙන්වා සැහැල්ලු රාජකාරි ඉල්ලනවා නම් කරන්න තියෙන්නෙ ඒකමයි බීමත්කම රාජ්‍ය සේවයේ සිටින අයට තහනම් දෙයක් එවැනි අයටත් කලයුත්තේ කුමක්ද කියලා සදහන් වෙනවා පේන විදියට තියෙන්නෙ පොලිසියේ බොහෝ දෙනෙකුම රාජ්‍ය සේවයේ පාලන නීති නොදන්නවා කියලයි (පසුගිය කාලයේ ආයතන සංග්‍රහයේ තිබුනු උපදෙස් නොබලා සමහරක් ලොක්කො ජනාධිපති ගෙන් චක්‍රලේඛ නිකුත්කිරීමට ඉල්ලුවා මතකයි)
වණ තුවාල, කුෂ්ඨ එහෙම නැද්ද?
ආ.. එහෙමද? එ ලෙඩ්ඩු වෙන්න ඇති අර පාරෙ ඉන්න නිරායුධ මිනිස්සුන්ට ලොවෙත් නැති වගන්ති කිය කිය ලෙඩ අදින්නෙ.. තෙරුනෙ දැන් තමයි...
පොලිසිය බාරව ඉන්නෙ අන්ත දුෂිතයෙක් පට්ට හොරෙක් ටිරාන් අලස් කියන්නෙ එල්ලා මරන්න ඕන එකෙක්