(අංජුල මහික වීරරත්න)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටයි. මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබුණි.
ඊයේ(2) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. පොලිස්පති තනතුරට අදිකරණයෙන් චෝදනා නොලද නිලධාරියකු සොයාගැනීමට යම් කාලයක් ගතවන නිසාත්, පොලිසිය දුෂිත ආයතනයක් බවට මහජන පැමිණි තිබෙන නිසාත් ශ්‍රී ලංකා පොලිසියට කැපී පෙනෙන වෙනසක් ලබාදීමට සිදුව තිබෙනා නිසාත් සියල්ල සිදුවිය යුතුවන්නේ මහජනත්වගේ යහපතට නම් චෝදනා ලද නිලධාරියකු පොලිස්පතිවරයකු වසයෙන් පත් කිරීම වෙනුවට වර්තමාන පොලිස් පතිවරයා එම තනතුරේ තබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා වෙන්නට ඇත.
ඒ තනතුරට සුදුසුකම් තියන කෙනෙක් නැද්ද අප්පා...?
මෙයාට මුලු ජීවිතකාලේම පොලිස් කෝලමේ ප්‍රධාන නලුවා වෙන්න පුළුවන් වෙයි වගේ..!
කිව්වත් වගේ රීලෝඩ් එකක් දාලා? හරිහමන් සුදුසුකම් ඇති කෙනෙක් තෝරලා පත්කරගන්ඩ බැරි ආණ්ඩුවක් ?
ව්‍යවස්ථාදායක සභාව නිදි... කිසිම වැඩක් නෑ. එහෙම පුළුවන්ද ජනාධිපතිට ඕන විදිහට පොලිස්පතිට සේවා දිගුව දෙන්න...?
පිං ජනාධිපති සහ රීලෝඩ් පොලිස්පති !!! දැන් රීලෝඩ් දැම්මා ඇති නේද?
පොලිස්පති පත්කර ගන්න තරම් කොන්ද පණ නැති ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ..? අඩුම තරමේ සී.ඩී හොඳනම් හෝ වෙන දෙන්න කවුරුවත් නැති නම් එයාට අවුරුද්දකට සේවා දිගුවක් ලබා දෙන්න තිබුණා. එහෙම නොකර මාස තුනෙන් තුනට රීලෝඩ් දාලා ෂේප් වෙන්නේ බැසිල්ට තියෙන බය නිසා වෙන්න ඇති. අඩුම තරමේ මේ පොලිස්පතිටත් කොන්දක් නැහැ.. එහෙම තිබුණා නම් මට අවුරුද්දකට දෙන්න... එහෙම නැතිනම් තියා ගන්න කියලා මේ පිං ජනපතිට කියන්න තිබුණා...!
රාජ්‍ය අනුග්‍රහය ඇතිව උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ අයිතිය ගිලිහෙමින් අන්තවාදය ඔඩුදුවමින් පවතී. මෙවැනි දේ ඇතුලු නොයෙක් නොපනත්කම් සඳහා සුදුසු එහෙයියා රැක ගැනීමට වෙට්ටු කවදත් හුරු පිනට සියල්ල ලැබුණු කෙනෙක් වේ නම් ඔහු පසුබට වන්නේ නැත...!
රුපියල් කීයක රීචාජ් එකක්ද කියලා කියන්න පුළුවන්ද?
පොලීස්පතිවරයක් පත් කරගන්න බැරි මේ ජනවරමක් නැති ජනාධිපති කොහොමද රටේ ආර්ථිකය ගොඩ දාන්නේ? මෙයා කොහොමද රටේ යහපත් පාලනයක් ඇති කරන්නේ...?
දූෂිතයින් අතරෙන් වැඩිම දූෂිතයා පත්කර ගැනීමට ඇති ආසයි, බයයි නිර්ලජ්ජිත කම මනාව විද්‍යාමාන වුණු අයිතිහාසික අවස්තාවක්...
හරි පිට කොන්දක් නැති දුර්වලයෝ ඉහළ තනතුරුවලට පත්වුණාම ඔහොම තමයි. එකඑකාට බයේ ඉන්නවා තීරණයක් ගන්න බැරිව...
කොහෙදෝ රටක පාර්ලිමේන්තුවේ කට්ටියක් කිව්වා මෙයාට තවත් සේවා දිගු ලබා දීම අනුමත කරන්නේ නැහැ කියලා.. වේලාවට එයාලා ලංකාවේ නෙවෙයි.
බාහිර පුද්ගලයෙක් මේ තනතුරට පත්කරන්න මේක මීට වඩා ගොඩගන්න පුළුවන්... පොලිසියේම කෙනෙක් වෙන්න ඕනෙ නෑ... මේ රටේ උගතුන්, බුද්ධිමතුන්ගේ හිඟයක් නෑ.