
(අංජුල මහික වීරරත්න)
රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ඒ නිසා ඉන්න පොලිස් පොලිස්පති පුටුව මාස තුනෙන් තුනට දිගු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබෙන බවද බව ද එජාප මහලේකම් වරයා කීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෝලිමක් සිටින අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව එකේ සිට හතරට වන තුරුම විවිධ චෝදනා පරීක්ෂණ උසාවිවල නඩු තිබෙන බවද පොඩ්ඩක් බේරිලා ඉන්නේ පහේ ඉඳන් අටවෙනියා වන තුරු පමණක් බවද කී රංගෙ බණ්ඩාර මහතා අටවෙනියාගේ සිට ආපහු ඒ තත්ත්වයම තිබෙන බව කීය.
රටේ විනය සහ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායමේ තත්ත්වය මෙය නම් රටේ අනෙක් තැන්වල නීතිය සහ විනය ගැන කතා කරලා වැඩක් තිබෙනවාදැයි එජාප මහ ලේකම්වරයා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය මේ තත්වයට පත්කළේ ඔයාලා...
රටේ පළමු පුරවැසියන් පවා හොර දූෂිතයින්... අනික් අය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
රනිල් හිරවෙලා ඉන්නේ...!
රටේ විනය පිරිහිලා කියන එක නම් සහතික ඇත්ත බණ්ඩෝ. නැතිනම් වොඩ්කා වතුර වෙනවැයි. අනික් අතට හත්පොලේ ඡන්ද පැරදිච්චි අය මෙහෙම පණ්ඩිත කතා කියයිද ආයුබෝවන්..?
පොලිසියේ ඉඳලා දොට්ට දාපු කෙනෙක්... වොඩ්කා වතුර කරපු අයනේ... එනවා මෙතන අනිත් අයගේ විනය ගැන කියන්න...
චීනෙන්වත් හොයලා බැලුවා නම්...!
පොලිස්පති වෙච්චි ගමන් කරන්නේ පුද්ගලික උදව්... එතකොට වෙන්නේ කවුරුත් නොදෙන්නේ එය බොරු චෝදනා කරමින් තලා පෙළනවා. මේක මගේ පුද්ගලික අත්දැකීම් මත කියන දෙයක්...
අනෙක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලත් තත්වය ඕක තමයි... රටේ සම්පූර්ණයෙන්ම විනය විනාශවෙලා තියෙන්නේ ඒකට තවත් හේතුවක් තමයි දේශපාලන හිතවතුන්ට තනතුරු ලැබෙන ක්‍රමයට පත්වීම් ලබාදීම ඇත්තටම පරිපාලන සේවයේ තනතුර සඳහා බඳවා ගැනීමේ විභාගය... අන්ත දූෂිතයි දේශපාලුවෝ තමන්ගේ නම් ලැයිස්තු අනුව බොහෝවිට තෝරා ගන්නවා. නිලධාරින් ඔවුන්ගේ හිතවතුන්ට උදව් කරනවා... සුදුස්සන් කුණුකූඩෙට වැටෙනවා. ඇත්තටම මෙතෙක් කලක් පන්දමුන්ට තනතුරු දුන්නු නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරින් දේශපාලුවන්ට ගොට්ට ඇල්ලුවා මිස විනය තකා වැඩක් කළේම නැහැ. දැන් කරන්න හදන්නේ යම් විදියකින් රටේ රාජ්‍ය සේවයේ විනයක් ඇතිකිරීම නම් අපි එයට සුබපතමු...
පොලිසියේ විනය පිරිහෙන්න හේතු සාධක, කරුණු කාරණා ටිකත් ඔය එක්කම එකින් එක පැහැදිලි කළා නම්...!
එහෙම නම් අපි 5 ,6 හා 7 වෙනියා අතුරින් කෙනෙකු පත්කරමුකෝ... ඉවරයිනේ වැඩේ...!
අඩේ බණ්ඩයියේ ඔයා පොලිසියේ හිටපු රාළහාමි කෙනෙක් නේ? ඉතින් ඔයා බලන්නකෝ... ලොක්කාට කියලා ඔයාව ඒ වැඩේට පත්කර ගන්න පුළුවන්ද කියලා. ලොක්කා ඔය වගේ මහා අංජ බජල් වැඩ සාමාන්‍යයෙන් කරනවානේ? යන්න ගිහින් පොඩි ට්‍රයි එකක් දෙන්න...
බැංකු හොරෙක් ජනාධිපතිකම් කරන රටක පොලිස්පතිකම ගැන කවර කථාද? ඔක්කොටම වැඩිය හොඳයි පොලිස් සුනඛයෙක් දැම්මා නම්...