
(ගයාන් සූරියආරච්චි, උපාලි රණවීර සහ ඉන්දිකා රාමනායක)
මල්වතුහිරිපිටිය මෙහෙයුමක් අතර තුර පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී පිස්තෝලය උදුරාගෙන සිදු කළ වෙඩිතැබීමෙන් මියගිය පොලිස් සැරයන් ප්‍රියන්ත රත්නවීර මහතාට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මණ්ඩාවල පිහිටි ඔහුගේ නිවසට ගොස් එම ඔහුට අවසන් ගෞරවය දැක්වීය.
මෙම සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන් රත්නවීර මහතා උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් උසස් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගත්තේය.
මියගිය අයගේ ඇතුළු ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කළ අතර පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 13 ට අධික මුදලක් ප්‍රදානය කර ඇත.
උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නවීර මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ පොලිස් ගෞරව සහිවත පැල්පිට පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ වැඩ බලන එක්කෙනාට ආරක්ෂාව සපයන අය ?