(ගයාන් සූරියආරච්චි)
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය විසින් සිදුකරනු ලබන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර අද (8) පැවැති හමුවේදී බස් රථ සංගම් වැඩ වර්ජනයකට නොයන බවට තීරණය කර ඇත.
මෙම සාකච්ඡාව පොලිස් මූලස්ථානයේදී පැවැත්විණ.
අන්තර්පළාත් බස්රථ සංගම් නියෝජිතයන්, පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් ඇතුළු බස් රථ සංගම් 6 ක් පමණ වැඩ බලන පොලිස්පතිවරයා සමග සාකච්ඡා පැවැත්වීය.
පොලිසිය සීමාව ඉක්මවා බස්රථවලට අනවශ්‍ය බලපෑම් සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කිරීම සඳහා මෙම දීපව්‍යාප්ත වැඩවර්ජනය දියත් කිරීමට බස් සංගම් සූදානම්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීමාව ඉක්මවා කියන්නේ හැමතැනම නතර කරන්න දෙන්නෙත් නෑ, ඩ්‍රයිවර් ළඟ දේවාලයක් තියාගන්න දෙන්නෙත් නෑ, ට්‍රැෆික් වෙලාවට රේස් යන්න දෙන්නෙත් නෑ. කොටින්ම කියනවා නම් අපිට මේ කර්මාන්තේ අපේ ක්‍රමයට කරන්න දෙන්නෑ. ඉතිං අපි ස්ට්‍රයික් කරනවා.
බස්කාරයෝ වර්ජනයකට ගියා නම් ඔවුන්ට හොම්බෙන් යන්න වෙන බව දන්නවා.
පොලිස්පතිට, බස්කාරයින්ට සාර්ථක ඇති. මගී ජනතාවට, පදිකයින්ට, අනෙක් වාහනවලට සාර්ථකද?
එයාලට වැරදි කරන්න ඉඩ දෙන්න
තවත් එක අසාර්ථක මෙහෙයුමක්
"නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට ආපු ආයගේ කෙරුවාවත් මේකනම් ඉතින් මේ රටට සදා අභ සරණයි. හැම එකෙක්ම ආන්ඩුවේ ඔලුව උඩ පහරලා යනවා , 2/3 බලය තියාගෙන තටමනවා."
මුලින්ම ඩඩ්ලිලා පදිරියි. දැන් බස් ගැමුණුලාටත් පදිරියි...