IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස්පති පුටුවට ලොක්කෝ හයක් සීතල යුද්ධයක

(සුජිත් හේවාජුලිගේ )

පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨත්වයෙන්  ඉහළ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස්  ආරංචි මාර්ගවලින් පැවසේ.

වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක( පරිපාලන වැඩබලන සහ මධ්‍යම පළාත් භාර) සංජීව ධර්මරත්න  ( බස්නාහිර පළාත් බාර ) රන්මල් කොඩිතුවක්කු( අපරාධ සහ රථවාහන) කිත්සිරි ජයලත්(දකුණු පළාත)සහ  රාජිත ශ්‍රී දමින්ද( සහායක සේවා) එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙති.

ඇතැම් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රබල දේශපාලනඥයන් සහ  නායක ස්වාමීන් වහන්සේලා  මාර්ගයෙන් පොලිස්පති ධූරය  ගැනීමට ප්‍රබල උත්සාහයක මේ දිනවල නිරතව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස දැනට කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පති ධූරය  දෙන ලෙස  ඇතැම් පාර්ශව රජයෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් පොලිස්පති ධූරයට පත් කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  සම්බන්ධයෙන් රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ලබන 5 වැනිදා  විවාදයට ගැනීමට නියමිත අතර එහිදී එම යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු පොලිස්පති  ධූරයෙන් නෙරපා හැරෙනු  ඇත.

තෙන්නකෝන් මහතා  එසේ ඉවත් කෙරුණහොත්  පොලිස්පති ධූරය සඳහා සුදුසු නාමයක් කඩිනමින්ම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.



අදහස් (7)

පොලිස්පති පුටුවට ලොක්කෝ හයක් සීතල යුද්ධයක

Perera Monday, 28 July 2025 10:58 AM

තවම සමහරුන්ට තනතුරු ගන්න දේශපාලකයෝ හාමුදුරුවරුන් පස්සේ යන ගතිය අතහරින්න බැරිවෙලා. එහෙම අයට කොහොමත් තනතුරු නොදිය යුතුයි.

:       1       16

පුරවැසි බකල ජයා Monday, 28 July 2025 11:12 AM

පොලිස් උණ ප්‍රසිද්ධියේ සහ රහසේ ප්‍රදර්ශනය කළ අය ධුරය සඳහා සැලකිල්ලට ගැනීම ඉවත් කර ගැනීමට පුරවැසියෙකු ලෙස ඉල්ලීම ලියා තබමි.

:       1       14

sara Monday, 28 July 2025 01:08 PM

දැන් ඔතන ඉතිරිවෙලා ඉන්න අයගෙන් ජ‍ේ‍යෂ්ඨතම නිලධාරියා පතිනායක... දෙවැනියා ප්‍රියන්ත වීරසූරිය. තුන්වෙනියා සංජිව ධර්මරත්න... හතරවෙනියා සජීව මැදවත්ත, පස්වෙනිය කොඩිතුවක්කු. පතිනායක සිටිත්දී ප්‍රියන්තව වැඩ බලන්න පත්කළා නම් මිනිහාටම ඉතිරි අවුරුදු දෙක දුන්නා නම් ඉවරයිනේ... ආයේ මොකටද ඔතැන සීතල යුද්ධ ඇතිකරන්නේ...!!!

:       0       18

Perakum Liyanagama Monday, 28 July 2025 10:09 PM

Sara කියන්කෙ හරි කතාවක් නෙ. Seniority සහ Achievements අනුව සුදුස්සාට සුදුසු තැන දිය යුතුය ඒ සඳහා දේසපාලුවන් පසුපස නොයා යුතුය නැත්නම් අර කියාපු වෙනස කෝ? තවමත් පරණ ක්‍රමයමද?

:       0       0

Lionel weerasinghe Tuesday, 29 July 2025 10:38 AM

පසුගිය මාස කිහිපය තුළ වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන් ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ජයග්‍රහණ සියල්ලම සම්පූර්ණ කර ඇත.

:       0       1

R W dhara Tuesday, 29 July 2025 10:17 AM

ඒක ඇත්ත ඔහු අපක්ෂපාතීව සේවය කරනවා ඔහුවම නැවත පත් කරන්න

:       0       2

Winston Abayaratna Tuesday, 29 July 2025 11:39 PM

වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වීරසූරිය මහතා ඊළඟ පොලිස්පති ධුරයට සුදුසුම අපේක්ෂකයා වේ. ඔහුට සුභ පැතුම්!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site