(රංජන් කස්තුරි)
පොලිස්පතිවරයා ඉවත් කිරීම හෝ ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට හෝ පොලිස් කොමිසන් සභාවට බලයක් නැතැයි එම කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීම පොලිස් කොමිසමේ විෂය පථයට අයත් නොවන බවද ඔහු කීවේය.
මේ පිළිබඳව ලංකාදීපයට කළ තවත් විමසුමකදී නීති විශාරදයෙකු සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයා පත් කිරීමේ බලධරයා ජනාධිපතිවරයා වන බවය.
ඒ අනුව පත් කිරීම් බලධාරියාට පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට ඔහුට එරෙහිව විනයානූකූල පියවර ගැනීමට සහ වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමේ හැකියාව පවතින බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති පත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට වේ. ජනාධිපතිවරයාගේ කාර්ය පත්වීම ලබාදීම පමණි. නීති විශාරදයෝ දැල් පැලෙන තර්ක ගෙනේවි අවසානයේදී ශ්‍රේෂ්ටාධිකරණය නිවැරදි තීන්දුව දේවි!!
පොලිස්පති පත්කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට වේ ශ්‍රේෂ්ටාධිකරණය නිවැරදි තීන්දුව දෙවි .
කාමිල් ඔබ හරි
19 වන ආණ්ඩුක්‍රම විවස්තාවට අනුව පොලිස්පති පත්කළ යුත්තේ හා ඉවත්කළ යුත්තේ පාර්ලිමේන්තු කාරක සභාවකට පමණි. නමුත් වරදක් කල බව ඔප්පු උවහොත් ශ්‍රේෂ්ටාධිකරණයට තීන්දුවක් ගැනීමේ බලයක් ඇත .
19 වන සංශෝධනයට ඡන්දය දුන් සැමට අපගේ උත්තමාචාරය!!!
19 සංශෝධනය රට අවුල් කරා. වැරදිලාවත් පොලිස්පති ත්රස්තවාදීන්ට උදව් කරලනම් එත් සැහෙන කාලයක් බලන් ඉන්න ඕනේ එයාව අයින් කරන්න.
පොලිස්පති ඉවත් කොරන්න ජනාධිපතිටත් බලය නැහැ කොමිසමටත් බලය නැහැ. මහින්ද මහතා මට්ටු කරන්න ජනාධිපති සතු බලතල නැති කරගන්නාවිට මේදේ සිද්ද වෙනබව පෙන්නා දුන්න. උදාහරණයකට කීවේ යුද්දයකදී මල්ටි බැරල් ප්‍රහාරයක් දෙන්නත් පාර්ලිමේන්තුවෙන් අවසර ගන්න වෙනවා කියලා. 2020 දී ජේ ආර් ජනාධිපති බලතල නැවත ගමු, එජාපයෙන් ජනාධිපතියෙක් මේ සම්මත ජාතියේ පත් නොවන නිසා.
19 වන සංශෝධනය යටතේ ජනාධිපතිට කිසිම බලයක් නැ පොලිස්පතිව අනිවාර්ය නිවාඩු අරින්න. අගමැති, කැබිනට් ඇමතිවරු, නිදිද? පොලිස්පතිතුමනි අධිකරණයේ පිහිට පතන්න.
පොලිස්පතිතුමනි අධිකරණයේ පිහිට පතන්න.. ඔබට ජය නියතයි
අධිකරණයට යන්න පොලිස්පති තුමනි ඔබය ජය සිකුරුයි .