(අජන්ත කුමාර අගලකඩ)
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද(26) සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළේය.
ඉකුත් ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම බාරගෙන ඉල්ලා අස්වන ලෙස තමා ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා කැඳවා දැනුම්දුන් බවත්, ආරක්ෂක ලේකම්වරයා ඊයේ(25) ඉල්ලා අස්වූ බවත්, ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවැති එක්සත් කතෘවරුන්ගේ හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කළේය.
නව ආරක්ෂක ලේකම්වරයකු අද දිනයේ පත්කරන බවද ජනාධිපතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිහ්...හිහ්... අම්මෝ හිනාවෙලා හුස්ම ගන්නත් අමාරුයි.
ඔක්කොටම ඉස්සෙල්ලා තමුන් ඉල්ලා අස්වෙන්න.. හැම දෙයක්ම අසමත්. පළවෙනි වග උත්තරකරු තමුන්...
කවුද? බලමු. අමුත්තෙක් නොවෙන්නත් ඉඩ තියනවා.
ඔබතුමන්ලා වැඩ බැරි ටාසන්ලාය. මේ රට නැවත ගොඩ ගත හැක්කේ මහින්ද සහ ගෝඨාට පමණක් බව ඔබතුමන්ලා විසින්ම නැවතත් ඔප්පු කර ඇත. නැවත කියමි. ඔබතුමන්ලා විසින්ම නැවතත් ඔප්පු කර ඇත. දැන් කළ යුත්තේ අරයාට, මෙයාට අස්වෙන්න කීම නොව කළ හැකි අයෙකුට බාරදී තොලොංචි වී යාම පමණි. මේ බව නොතේරෙන ලක්ෂ 62න් කෙනෙක් තවත් සිටී නම් ඒ බත්කන හරකෙකි.
බලලොභීකම තමයි.
පොලිස්පතිතුමනි, ඉල්ලා අස්වෙන්න එපා. වැරැද්ද ඔබ අතේ නොවේ. මුළු ගොන් ඇමැති මණ්ඩලයම ඉල්ලා අස්වුණොත් ඔබතුමා ඉල්ලා අස්වෙන්න. බුදු සරණයි ඔබතුමාට...
ඔහොම පතෝල විදිහට තීරණ අරගෙන තමා සිය ගණනක් මැරුනේ... ඕක බැරිනම් කාටහරි පුළුවන් කෙනෙකුට දුන්නොත් නේද හොඳ?
ඔබතුමාට මේ දිනවල බොහෝ හිතන්න ඕනේ හින්දා පූජිතව අස් කරන්න.
යුද හමුදා මූලස්ථානයට බෝම්බ ගහපු වෙලාවේ, කටුනායක ගුවන් තොටුපොළට ගහපු වෙලාවේ කවුද ජනාධිපති හිටියේ...? මට මතකයි එයා ඉල්ලා අස්වුණා...
ජනාධිපති හැටියට පොලිස් ලොක්කාට ඉල්ලා අස්වෙන්න කියා දාපු නියෝගය පූජිත තුට්ටුවකට හෝ ගණන් නොගෙන ජනපති පාච්චල් කර තිබෙන බව පැහැදිලිවම පේනවා!!! ඒකම ඇති ජනාධිපති මන්දිරයෙන් පිටවෙලා පොළොන්නරුවට ගිහින් ගොවිතැන් බත් කරගෙන ජීවත්වීමට හිත හදා ගැනීමට...
මට කියන්න තියෙන්නේ "ලජ්ජා නැතිකමත් මහමුදලි කමට වඩා ලොකුයි කිව්වලු".
ඔයයි, පාර්ලිමේන්තුවේ 225යි ඉල්ලලා අස් වුනොත් හොඳ නැද්ද? ඔයගොල්ලෝ තමයි මේ රට කන්නේ...
කොන්දපණ තියෙන නායකයන්, විනිසුරුවනුත් අයින් කළා ඔයිට වඩා ඉක්මණට. ගුරුලන්ට මාල බැන්දාම ඔහොම වෙනවා...
අපොයි, හිනා ගිහින් පණ යයිද මන්දා...? මේ ඔබතුමා අන්දරේගේ නඩයේ කෙනෙක්වත්දෝ මන්දා..අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාත් ඉල්ලා අස්වේවි කියලා.. මේ රටේ අනාගතය වෙනුවෙන්...
රටක මෙවැනි තත්වයකදී වගකීම බාරගෙන ඉස්සෙල්ලම ඉල්ලලා අස්වෙන්නේ ආරක්ෂක ඇමති.., අපේ රටේ දේශපාලකයන්ට කොහොමත් එහෙම පුරුද්දක් නැහැනේ...
බැහැ මට ඉල්ලා අස්වෙන්න බැහැ. ඔබතුමා අස්වුණාට පස්සේ මම ඉල්ලා අස්වෙන්න බලන්නම්...
පළමුව අස්කළ යුත්තේ ත්රස්තවාදීන්ට අනුබලදුන් තවමත් රටේ ප්‍රධාන ඇමතිකමක් දරන රිෂාර්ඩ් බදුර්දීන්වයි. කොන්ද කෙලින් කරගෙන එය නොකරන්නේ ඇයි? මොකක්හරි හොර වැඩක් තියෙනවා කියා අපට හිතෙනවා.