
(අංජුල මහික වීරරත්න)
පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොලිස් සුබ සාධක ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 98.846ක මුළු පිරිවැය ඇස්තමේන්තුවකට යටත්ව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති කළමනාකරණය යටතේ උප කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඉන්ටවෙස්ට් ඉංජිනියරින් ඇන්ඩ් කස්ට්රේෂන් ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා ආර්ච් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම විසින් උපදේශක සේවා සපයා තිබේ.
නියමිත කාලසීමාව තුළ වැඩ අවසන් කිරීමට ඉන්ටවෙස්ට් ඉංජිනියරින් ඇන්ඩ් කස්ට්රේෂන් ආයතනය කටයුතු නොකිරීම හේතුවෙන් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් එකී ව්‍යාපෘතිය 2023-02-24 දින අත්හිටුවා තිබේ.
මෙම ව්‍යාපෘතියෙහි ඉතිරි වැඩ නිම කිරීම සඳහා වර්තමාන මිල ගණන්වලට අනුව උපදේශක සේවා ආයතනය විසින් රුපියල් මිලියන 122.921ක සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, එකී සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව යටතේ ව්‍යාපෘතියෙහි ඉතිරි ඉදිකිරීම් කටයුතු ගොඩනැගිලි දෙපාර්තමේන්තුව වෙතින් මුල් සැලසුමට අනුව ඉටු කරවා ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සුබසාධන ශ්‍රවණාගාර වැඩ යළි අරඹන්න අනුමැතිය