(නිමන්ති රණසිංහ)
රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියකට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (11) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුවේ පැමිණීලිකරු නඩු විභාගයට දිගින් දිගටම පෙනී නොසිටිම හේතුවෙන් සැකකාර හිමිනම නඩුවෙන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නිතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබූවේ ඉකුත් ඔක්තෝම්බර් මස 14 වැනිදාය. එහිදී එම චෝදනාවට තමන් නිවැරදිකරු බව ඥාණසාර හිමියෝ පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් රාජකාරියට බාධා කළායැයි නඩුවකින් ඥාණසාර හිමි නිදහස්
Perera Friday, 11 November 2022 11:52 PM
පැමිණිලිකරු පොලිසිය, පැමිණිල්ල මෙහෙයවන්නේ නීතිපති නේද.?