(ඉන්දිකා රාමනායක)
ධවනය වෙමින් තිබු පොලිස් යතුරුපැදියක් ඉදිරියෙන් බල්ලෙක් පාර හරහා පැනීම හේතුවෙන් එම පොලිස් යතුරුපැදිය අනතුරට ලක් වී විදුලි කණුවක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තවත් කොස්තාපල්වරයකු තවාල ලබා ඇති බව පානාමුර පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පානමුර පොලිසියේ දුෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (71332) ශාන්ත (36) නමැති කොස්තාපල්වරයා බව පොලිසිය පවසයි.
පනාමුර පොලිසියේ දුශණ මර්ධන අංශයේ පොලිස් කණ්ඩායමක් ඊයේ (22) අලුයම මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් යතුරු පැදි වලින් නැවත පොලිස් ස්ථානය වෙත එන අතරේ ඇඹිලිපිටිය මාර්ගයේ පානමුර ප්‍රදේශයේ අලුයම මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගමන්ගත් යතුරුපැදියක් ඉදිරියෙන් මාර්ගය හරහා බල්ලෙක් පැනීම නිසා යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයේ විදුලි කණුවක ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරුන් දෙදෙනා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ එක් කොස්තාපල්වරයෙක් මියගොස් ඇත.
සෙසු කොස්තාපල්වරයා අසාධ්‍ය තත්ත්වයෙන් තවදුරටත් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd