
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය කතානායකවරයාට බාර දුන් යෝජනාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ හදිසි විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (9) පැවැත්වීමට නියමිතය.
පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට විරෝධය පළ කිරීම සහ පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු යැයි සදහන් සභාව කල් දමන අවස්ථාවේ යෝජනාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා කතානායකවරයාට ඊයේ බාර දෙනු ලැබීය.
මේ යෝජනාව බාරදීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක් අසුන් වලින් නැගිට එම යෝජනාව ගෙන මන්ත්‍රීවරයාට සහාය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබල දුබල විපක්ෂ ඉල්ලාගෙන කන සීන් එකක් තියෙන්නේ, රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා සමග ප්‍රේමදාසලා රට පාලනය කෙරුව කාලයේ පොලිසියේ පත්වීම් මාරුවිම් සහ උසස්වීම් දුන්න තාලය, ටෙලිෆෝන් කෝල් දීලා විතරක් නොවෙයි ළගට ගෙන්වා ගෙන කෙරුව බලපෑම් ගැන මුල ඉඳලා අගටම අහගන්න පුළුවන් වෙයි... මොංගල් විපක්ෂයට. මොනවා කිව්වත් ඔවුන්ට ලැජ්ජා නැහැ... ඒකයි කරුමය...
විපක්ෂෙට කනේ ඇඟිලි ගහගෙන, රෙදි නැතුව දුවන්න පොටක් වෙයි වගේ විවාදේ.