(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ රුපියල් ලක්ෂ 26 ක මුදලක් අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

උප සේවා නිලධාරීන් භාරයේ තිබූ මෙම මුදල් මීට සති දෙකකට ඉහත දී මෙලෙස අස්ථානගත වී ඇති බව දැනගන්නට ඇත. ඒ හේතුවෙන් එකම නිලධාරියකුටවත් චෝදනා එල්ල වී නැත

වෙනයම් වැටලීමකින් පොලිස් භාරයට ගන්නා මුදල්වලින් අස්ථාන ගත වු මුදල් තොගය පියවා මෙම සොරකම වසන් කිරීමට එහි ඇතැම් නිලධාරීන් උත්සාහයක් ගන්නා බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි