(නිමන්ති රණසිංහ)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ වශයෙන් ගබඩා කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් නිලධාරියකුට විකුණූ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධසනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (05) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ක`ථතර පදිංචි කංකානම්ලාගේ ගැමුණු සම්පත් කුමාර නමැත්තා ය.
මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු මෙහි දෙවැනි සැකකරු වශයෙන් නම් කරන බවට ඉකුත් නඩු දිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබූ අතර, ඒ අනුව සැකකරු අද (05) නිතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාරවූ අවස්ථාවේදී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණී.
මෙම සැකකාර නඩු භාණ්ඩ භාරකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 01, 02, 05, 06, 07 සහ 08 යන අධිකරණවල නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කළ අයකුවන අතර දීර්ඝ කාලයක් තිස්සේ මෙම අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කර ඇති බව ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබිණී.
හෙරොයින් ග්‍රෑම් 750 ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන මෙම සිද්ධියේ පළමු සැකකරු වන ගොතටුව පොලීසියේ කොස්තාපල් රුමේෂ් ගිම්හාන යන අය ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd