
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පැවරීමට විපක්ෂය දැඩි ලෙස විරෝධතාවය පළ කරන බවත් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙකු වීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා:
පොලිසියේ මාරුවීම් එක් අතකට අද පැවරිලා. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න දෙන්න බැහැ. පඹයකු කර ගන්න දෙන්න බැහැ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාට පැවරීම ගැන විපක්ෂයේ පොදු විරෝධතාවය පළ කරනවා.
සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා:
පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිසිදු වැඩපිළිවෙලක් නැතුව මාරු කර යවලා
පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවට. මොකක්ද මේ අද කරන්නේ
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:
මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කරමු.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා:
බොරු බිල්ලෙක් මවන්න එපා. මේ මාරුවීම් කරලා තියෙන්නේ පොලිස් කොමිසම. කොමිසමෙන් කළේ.
දයාසිරි ජයසේකර මහතා:
පොලිස් කොමිසම මාරුවීම් කරලා නැහැ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතා:
ජනාධිපතිතුමා කළුතර දී පොලිස් කොමිසමට තර්ජනය කරලා තියෙනවා. ස්වාධීන පොලිස් කොමිසමේ බලය එතන තියන්න. පොලිස්පතිවරයාට පවරන්න එපා.
මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා:
ගැසට් එකක් ගෙනල්ලා සියලු දේවල් පොලිස්පතිතුමාට බාර දෙන්න යන්නේ.
නලින්ද ජයතිස්ස මහතා:
මෙතුමන්ලා කියනවා පොලිස් කොමිසමෙන් කළාට පස්සේ අභියාචනා කරන්න තැනක් නැහැ කියලා. පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දෙයක් පැවරුවම ඒ කොමිසමට අභියාචනා කරන්න පුළුවන්. කොමිසම ඒ බලය පොලිස්පතිවරයාට පවරනවා නම් අභියාචනා කරන්න කොමිසමකුත් තියෙනවා. ඔබතුමාලා බයවෙන්න එපා. කලබල වෙන්නත් එපා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කොටේ ඇද්ද කෙනාගෙ කාලෙ වගේ නේද, විපනාතුමණි!!! ලේකම්ගෙ නෝනා කොමිසමේ. අධිකරණය දඩ ගහපු කෙනා ...
මාලිමාවට කඩේ යන අයව ඉහළ පුටුවලට දාගෙන වෙන තැන්වල රෙදි ගලවලා එයාට අන්දන්නේ රටම නටවන්න හිතාගෙන වෙන්න ඇති. ඔය සෙප්පඩවිජ්ජාවලට වැඩි කල් දුවන්න බෑ...
රිලා නායකයා හැමදාම මොකක් හරි අල්ලාගෙන කෙදිරි ගාන්න ගන්නවා ඊට පස්සේ අනිත් රිලවනුත් ඒකට හූ මිටි තියන්න ගන්නවා. පාර්ලිමේන්තුව අද රිලා මඩුවක් වෙලා අපරාදේ මහජන මුදල් !
ලාමක ටින්ටින්ට.... පසුගිය කාලය හරි ඉක්මනට අමතකයි නේද? පොලිසිය විතරක් නෙමේ මොවුන් අධිකරණයත් පඹයෝ ගානට හැදුවා. මහ අයට ඕනෑ විදියට. දැන් මෙයාට ඒකේ වැරැද්ද පේන්නේ මේ රජයට ඇගිල්ල දික් කරන් එන්න එපා. තමන්ගේ පියා වැඩ කෙරුවේ වන් මෑන් ශෝ වගේ. එයා විතරයි වැඩ දන්නේ. කියන්න ගිහින් නිකම් රෙදි කෑල්ලක් වනද්දි යන්නම ගියා. නාමල් බේබි. ලාමක ටින්ටින්. ජාඩියට මුඩිය වගේ හැමදාම කෑපී පේන්න ඇවිත්. පටි රෝල්කර ගන්නවා. මාලිමා ආණ්ඩුව වැඩ කරන විදිය දැක්කම මොවුන්ට ලැජ්ජයි. මොවුන් හොරාකාලා මොවුන්ගේ දීමනා ටික හදා ගත්තු එක විතරයි කෙරුවේ. දැන් කොහොමද ජනතාව ඉන්න ලස්සන? ඉස්සර ඔබලා ලස්සනට හිටියා. දැන් ඔබලාට අඩ්න්න විතරයි තියෙන්නේ හැමදාම...
තනිකරම ඒකාධිපති ගමනක් යන්න හදන්නේ. ඒකත් කමක් නෑ රටේ මිනිස්සුන්ට වැඩක් කරනවා නම්. මොකුත්ම කරන්නෙත් නෑ, කිසිම සැලැස්මක් ඇත්තෙත් නෑ. ඇත්තටම දැන් රට අරගෙන යන්නේ මාලිමාවේ කුණුහරුප ඩෝබිලාගේ කයියෙනුයි, ගමේ ගොන් හැත්ත ඒ කයියට රැවටෙන එකෙනුයි විතරයි.
දූෂිත දේසපාලුවන්ට ඕන විදියට පොලිස්පති කෙනෙක් පත් කරලා වෙචිචි හරිය විපක්ෂයේ උන්ට අමතක වෙලා ?