
(චන්දන හෙන්දුරුගොඩ)
කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ අද 13 රාත්‍රී 7.00 පමණ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇති බව නොරොච්චෝලේ පොලීසිය කියයි.
නොරොච්චෝලේ සිය මුන්දලම බලා ධාවනය වු ලොරි රථයක පාලවිය දෙස සිට නොරොච්චෝලේ දෙසට ධාවනය කල යතුරු පැදියක් මුහුණ මුහුණ වැදීමෙන් යතුරු පැදියේ ගමන් කල තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකු බරපතල තත්වයේ තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් ඇති බව රෝහල් පොලීසිය පවසයි .
අනතුරින් මෙලෙස මිය ගොස් ඇත්තේ නිපුන් ප්‍රියුමල් (29 ) එක්දරු පියකු හා දසුන් මදුසංක (28) නැමති අයෙක් බව දැනට හදුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd