(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ පොලිස් වසමේ පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උස අඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක් කිසියම් පිරිසක් ගලවා ගන්න ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ .

මෙම සඳකඩ පහණ ගලවා ගෙන යන්නට ඇතැයි සැක කරන අතර පල්ලෙකැලේ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙයි .