IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෑලියගොඩ මාලු වෙළඳසැලේ අයිස් සැපයුම්කරු ගැන පැමිණිල්ලක්

(යොහාන් භාසුර)

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයට කැට අයිස් සැපයීමේ ටෙන්ඩරය ගත් සමාගම ව්‍යාජ ආයතනයක නමක් ඉදිරිපත් කරමින් එම ටෙන්ඩරය ලබාගෙන ඇතැයි ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළද සංකීර්ණයට පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් අයිස් ගැනීමට 2021 වසරේ අප්‍රේල් මාසයේ ටෙන්ඩර් කැඳවූ බවත් ඒ සදහා ලංසු ඉදිරිපත් කළ සමාගම් හතරෙන් සමාගමක් තෝරාගත් බවත් එම නිලධාරියා කීය.

තෝරාගත් එම සමාගම දෛනිකව කිලෝග්‍රෑම් පනහ ප්‍රමාණයේ කැට අයිස් 6800 ක් සැපයිය හැකි යැයි වෙන්ප්පුව ප්‍රදේශයේ සමාගමක නමකින් ප්‍රකාශ කර තිබූ බවත් එම ස්ථානයේ එවැනි සමාගමක් නොමැති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් එම නිලධාරියා පැවසීය.

 



අදහස් (0)

පෑලියගොඩ මාලු වෙළඳසැලේ අයිස් සැපයුම්කරු ගැන පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site