(රොමේෂ් මධුෂංඛ)

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, පලෙයි මුල්ලියඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අද (21) සවස පෙරලීයාම හේතුවෙන් මගියකු මිය ගොස් තවත් 20 දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

ත්‍රීකුණාමලයේ සිට මුලතිව් හරහා යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක් අද (21) සවස 6 ට පමණ මෙලෙස අනතුරට ලක්වීමෙන් පෙරලී ගොස් ඇත.

බස් රථයේ වේගය නිසාවෙන් බස්රථය පෙරලී යන අවස්ථාවේදී අඩි 100 ක් පමණ දුරක් ඇදී ගොස් ඇති අතර එහිදී එක් මගියකු බස් රථයෙන් විසිවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයිද පොලීසිය පැවසීය.

බස්රථය පෙරලී යන අවස්ථාවේදී එහි ගමන්ගත් මගීන් 20 දෙනකුට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර තුවාල ලැබූවන් පලෙයි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ සිටි තුවාල කරුවන් 8 දෙනකු කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා ඇත.