IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පෝලිම් වල මිනිස්සු ගෙදර ගියේ රනිල් රට ගිය නිසා

(අංජුල මහික වීරරත්න)

පෝලිම් වල හිටපු මිනිසුන්ට ගෙවල් වලට යන්නට හැකියාව ලැබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 25 වතාවක් රට ගොස් ජාත්‍යන්තර සහාය ගෙන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදුන් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල් 25 වතාවක් රට ගියා යැයි ආණ්ඩුවේ උදවිය කරන චෝදනා විහිළු සහගත බව කී අබේවර්ධන මහතා රනිල් එලෙස රට නොගියා නම් අද චෝදනා නගන අය ඇතුළු මුළු රටම තාමත් පෝලිම් වල බව සඳහන් කළේය.

රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රට ඔසවා තැබීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කළ නමුත් ඒ දේවල් තැන් තැන් වල කීමට කාලය වැය නොකළ බව අබේවර්ධන මහතා සඳහන් කළේය.

ගාල්ල හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.



අදහස් (19)

පෝලිම් වල මිනිස්සු ගෙදර ගියේ රනිල් රට ගිය නිසා

රම්බොඩ Wednesday, 29 January 2025 01:40 PM

රනිල් මහතා යමක් කළා තමයි. නමුත් මොන හේතුවක්ද මන්දා සාමාන්‍ය ජනතාව ඔහුව විශ්වාස කරන්නෙ නෑ. මේවර නම් මාලිමාවේ පච ලොරි වලට ජනතාව යට වුණා විය හැකියි. රටට හොඳක්.වෙනව නම් කවුරු වුණත් කමක් නෑ. පක්ෂ බදාගෙන ඉඳීම තමයි නරකම දේ.

:       60       44

බකල ජයා Wednesday, 29 January 2025 01:52 PM

රට බල්ලට ගියා, බල්ල රට ගියා වගේද මාත්තයෝ ...

:       23       69

karolisWednesday, 29 January 2025 02:40 PM

දැන් ඉන්න නැව් බොරු කාරයෝ රට ගිහිල්ලත් මිනිස්සු පෝලින් වල

:       2       0

Sra Wednesday, 29 January 2025 02:14 PM

රනිල් නොහිටියා නම් අද රට සිම්බාබ්වේ වගේ තමයි...

:       45       21

බකල ජයාWednesday, 29 January 2025 04:24 PM

රටේ හැඩේද? එච්චර ඉක්මනට රටවල් වෙනස් වෙනවාද? දැනගන්න ඇහැව්වේ.

:       5       16

G. Amila sampath Thursday, 30 January 2025 07:51 AM

සහතිකම ඇත්ත වුණත් මොළේ විකෘති වෙලා මුල්ලේරියාවේ ප්‍රතිකාර අවශ්‍යව සිටින එවුන්ට ඒ බව තේරුම් ගන්නම බැහැ. කොහොම වුණත් පිටකොටුවේ සහල් වෙළෙන්දෝ වර්ජනය කළොත් නැවතත් සිරිමාගේ ආණ්ඩුව කාලයේ වගේ සතොසේ නැත්නම් සමුපකාරේ පෝලිම්වල තපින්නම වෙනවාමයි (දැනුත් පෝලිම් තියෙන එකම වෙළෙඳ ආයතනය සතොස පමණයිනේ) ඒක වළක්වන්න වෛමාටවත් පුළුවන් කමක් නැතිවේවි...!

:       1       0

sudath Wednesday, 29 January 2025 02:17 PM

ලංකාවට කෙළවෙන්න එක හේතුවක් තමයි ඔන්න ඔය බකල ජයා වගේ ගැලරි අදහස් දරන මිනිස්සු සිටීම...

:       44       12

බකල ජයාWednesday, 29 January 2025 04:22 PM

suduh, ගැලරි කිව්වේ ආර්ට් ගැලරිද? ෂෝක්නේ. තැන්කූ ඈ. මම අර මාතියාගෙන් ප්‍රශ්නයක් ඇහැව්වේ. උත්තරේ සරලයි. ඔව් හරි නෑ හරි.

:       2       9

NISHANTHA Wednesday, 29 January 2025 02:22 PM

මෝඩ කතා...

:       36       6

ravin Wednesday, 29 January 2025 02:26 PM

අර ජනපති කාර්යාලයේ කුස්සියේ තිබුණු දේවල් දිහා බැලුවා නම් කාට කාටත් හිතාගත හැකි වෙයි රට ගියේ ඇයි කියලා?

:       1       1

ජයනාත් Wednesday, 29 January 2025 02:33 PM

මොන රටෙන්ද මහත්තයො ආධාර දුන්නේ .. ඉන්දියාව චීනය හැරෙන්න . මෙහෙම රට දුවන්නේ අයිඑම්එෆ් නිසා .. නැතුව රට සවාරි නිසා නෙවෙයි .

:       1       1

පිටරටවැසියා Wednesday, 29 January 2025 03:09 PM

පෝලිම්වල හිටපු මිනිස්සු රටගියා ජීවත්වෙන්න විදිහක් හොයාගන්න. රටකාපු කාලකන්ණි ටික ගෙදරම යැව්වා මැතිවරණයෙන්. මේ වගේ හැතිකරේ හින්දා තමයි, රටට මෙච්චරම කෙළ වුණේ...

:       13       53

Bandula Wednesday, 29 January 2025 03:54 PM

ඇත්තටම මේ මිනිස්සුන්ට පරාද වෙලාවත් ජනතාවගේ බලාපොරොත්තු හිතන්න මොලයක් ඇත්තේම නැද්ද මන්දා...?

:       9       48

Nihal Dharmatileke Wednesday, 29 January 2025 04:53 PM

අපි කවුරුත් දන්නවා රනිල් කවුද කියලා... ඔහේ මොනවා කිව්වත් රනිල් ඉවරයි.

:       10       35

karolisWednesday, 29 January 2025 05:48 PM

මාලිමාකාරයොත් පට්ට බොරුකාරයෝ කියලා දැන් අපි දන්නවා. මාලිමාවත් ඉවරයි කියලා සමුපේ ඡන්ද වලින් කියනවා. ආන් හරක් කටාත් නිදහස් කරලා.

:       15       10

Neel Wednesday, 29 January 2025 06:40 PM

රනිල් වික්‍රමසිංහ මහතා 25 වතාවක් රට රටවල ගිහිල්ලා ලන්කාවට ගෙනාව එක ආයෝජනයක් තමයි කුලියාපිටියේ වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාව... හැමෝටම අමතකවෙලා ඒ බව...!

:       12       13

හසකWednesday, 29 January 2025 10:18 PM

ඒක වෙන්ඩ ඇති එක ගෙදරට වොක්ස්වැගන් තුන හතර ගානේ තියෙන්නේ. ඒවා හරිම ලාබ වෙලා. එකක් ගත්තොත් දෙකක් නිකං දෙනවා...

:       0       2

ගමේ එකාලා Wednesday, 29 January 2025 07:58 PM

මහ බැන්කුව හොරාකන්න ඉඩදීලා බලාගෙන හිටපු පින් ජනපතියා කෙරුවේත් දූෂිත පවුල් පාලනේ අයව රැකපු එක. 2048 වෙනකම් බලාගෙන ඉන්ඩනේ කිව්වේ රට ගොඩදානකම්...?

:       0       3

පිටරටවැසියා Wednesday, 29 January 2025 08:27 PM

මෙයාලාගේ පක්ෂෙ හිටපු මහලේකම්තුමා වරක් ප්‍රසිද්ධියේ කිව්වා (මහලේකම් වෙන්න කලින්) පරපුරක් නැති කෙනෙක් පරපුරකට කරන්නේ කොහොමද කියලා? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා හිටියා නම් අනිත් ඒවාට කලියෙන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site