(අංජුල මහික වීරරත්න)

වර්තමානයේ දී ඇතැමුන් පෝලිම්වල ඉන්නේ නැතිව තෙල් ගහන ගමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

2023 කියන්නේ වැටුණු රට ගොඩ ගැනීම අරඹන වර්ෂය බව ජනාධිපතිවරයා ද පැහැදිලිව සඳහන් කර තිබෙන බව කී අබෙිවර්ධන  මහතා එවැනි අවස්ථාවක පළාත් පාලන ආයතන සභිකයන් 8000 කට වැටුප් ගෙවන තත්වයක් විපක්ෂය අපේක්ෂා කරන්නේ නම් එයින් රට නැවතත් ආර්ථික අගාධයට ඇද වැටී සංචාරක කර්මාන්තයට ද හානි සිදුවිය හැකි බව කීය. 

එක්සත් ජාතික පක්ෂය ඕනෑම මොහොතක ඡන්දයකට ලෑස්ති නමුත් මෙි මොහොතේ  ඡන්ද කොයිතරම් දුරකට රටට දරාගත හැකි වේදැයි කල්පනාවෙන් බැලිය යුතු බව සඳහන් කළේය.

ලංකාව පාලනය කළ යුත්තේ මෝඩයෙක් හෝ දුප්පතාගේ හිතවතෙක් බව ඇතැමුන් සිතන බව කී වජිර අබේවර්ධන මහතා රටක් පාලනය කරන්නට දැනුම පළපුරුද්ද පමණක් නොව අත්දැකීම ද තිබිය යුතු බව සඳහන් කළේය.

ගාල්ලේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමින් වජිර අබෙිවර්ධන මහතා  මහතා මේ බව සඳහන් කළේය.