IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පිලිපීන කතගේ බෑගය සොරා ගනී

(ජී. ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

සිව්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මෙරට සංචාරයක් සඳහා පැමිණි පීලීපීන ජාතික කාන්තාවකගේ බෑගයේ තිබූ රුපියල් 90,000.00,ඇමරිකානු ඩොලර් 100 සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 200 ක් ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලීසිය කියයි.

මෙම කාන්තාව තම බෑගය බිම තබා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් සිටින අතර තුරදී මෙම කොල්ල කල්ලිය එම ස්ථානයට පැමිණ ඉන් එක් අයකු බෑගය ගෙන රත්ගම වෙරළ දිශාවට දුවගොස් තිබේ.

ඒ අවස්ථාවේදී මෙම කාන්තාවද ඔවුන් ලුහු බිඳිමින් දිවගොස් ඇති අතර එතැනදී ඇය ඇද වැටීම හේතුවෙන් සීරිම් තුවාල ලබා තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමින සිටි මෙම පිලිපීන කාන්තාව රත්ගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අතර ගාල්ල නගරයේ සහ කොටුවේ සිරි නැරඹීමට පැමින සිටි අවස්ථාවේදී මෙම ඇබැද්ධියට මුහුන දී තිබේ.

පසුව කළ සොයා බැලීමේදි මෙම බෑගය අතර මග දමා ගොස් තිබී සොයා ගෙන ඇති අතර එහි තිබූ මුදල් සොර කල්ලිය  රැගෙන ගොස් තිබූ බවත් බෑගයේ තිබූ විදේශ ගමන් බලපත්‍රය පමනක් එහි තිබී සොයාගත් බවත් පොලීසිය කීය.

 



අදහස් (4)

පිලිපීන කතගේ බෑගය සොරා ගනී

Pradeep Kumara Wednesday, 03 May 2023 08:27 AM

එන්න, ඔහොම කරලා අපි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමු. කලාපයේ අනෙකුත් රටවල විශේෂයෙන්ම මාලදිවයිනෙහි විදෙස් සංචාරකයින්ට තිබෙන ආරක්ෂාව සහ පහසුකම් එක්ක බලන විට අපේ රටට මෙහෙම හරි සංචාරකයෝ එන එක අගය කරන්න ඕන. විදේශිකයින් කීප දෙනෙක්ම තම තමන්ගේ යූ ටියුබ් චැනල් වලින් අපේ රට ගැන ඉතාමත් හොද ප්‍රසිද්ධියක් ලබා දෙන මොහොතක අපි මෙවැනි ක්‍රියා කර කර ඉමු.

:       0       22

බී.එම්. ආර්. බස්නායක Wednesday, 03 May 2023 10:07 AM

ඉතින් සංචාරක කර්මාන්තය දියුණු වෙයිද? රටේ ගෞරවයට මොකද වෙන්නෙ? හොරුන්ට, දූෂකයින්ට නිසි දඩුවම් නොමැති නිසා මේ අපරාධ සදහටම පවතීවි.

:       0       20

පැරකුම්Wednesday, 03 May 2023 03:16 PM

ඔබ නිවැරදියි බොහෝවිට මෙවැනි අපරාධ කරුවන් ඇල්ලුවත් ඔවුනට ප්‍රමානවත් දඩුවම් ලැබෙන බවක් නොපෙනේ අදාල පරිදි නීති රෙගුලාසි සංශෝධනය කිරීම වහා සිදුවිය යුතුය.

:       0       5

Kumar (Gulf) Wednesday, 03 May 2023 05:28 PM

ඇමැතියයි, පොලිසියයි නිදි... පොලිසියට හොරුන්ගෙන් කොටහ ලැබෙනවා ඇති...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site