IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පොලොන්නරුවට වැස්සෙන් හානි

(ක.ග.කරුණාරත්න)

අධික වර්ෂාව සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පිහිටි නිවාස 52කට හානි සිදුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.

මෙම නිවාස හානි බොහොමයක් වාර්තාවී ඇත්තේ අර්ධ හානි වශයෙන් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්‍රකාශ කලේය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන්පො ලොන්නරුව, පලුගස්දමන, ප්‍රදේශයේ පිහිටි කුණු ඇලක් පිටාර ගැලීම නිසා ඒ අවට පිහිටි නිවාස 17ක් ජලයෙන් යටවී ඇතැයිද ඒ මහතා කීය.

එමගින් පීඩාවට පත් පවුල්වලට පිසූ අහාර ලබාදීමට කඩිනම් පියවර ගෙන තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.

මේ අතර ප්‍රදේශ රැසක මාස් කන්නයේ වගාකරන ලද කුඹුරු සහ ගෙවතු වගාවන්ද ජලයෙන් යටවී තිබේ.

වගා කරන ලද කඹුරු කොපමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී නැතැයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කලේය.

 



අදහස් (1)

පොලොන්නරුවට වැස්සෙන් හානි

sharm warn Friday, 03 February 2023 10:20 AM

ඇයි අර හිටපු ජනාධිපති දන්නේ නැද්ද මේවා..? ඡන්දෙ විතරද එයාලාට ඕනෑ..? ඔයාලත් ලැජ්ජා නැතුව ඔවුන්ටම ඡන්දෙ දීලා දරුවන්ගේ දරුවන්ටත් මේ දුකම උරුම කරලා දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site