
(ක.ග.කරුණාරත්න)
අධික වර්ෂාව සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05ක පිහිටි නිවාස 52කට හානි සිදුවී ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
මෙම නිවාස හානි බොහොමයක් වාර්තාවී ඇත්තේ අර්ධ හානි වශයෙන් බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප්‍රකාශ කලේය.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන්පො ලොන්නරුව, පලුගස්දමන, ප්‍රදේශයේ පිහිටි කුණු ඇලක් පිටාර ගැලීම නිසා ඒ අවට පිහිටි නිවාස 17ක් ජලයෙන් යටවී ඇතැයිද ඒ මහතා කීය.
එමගින් පීඩාවට පත් පවුල්වලට පිසූ අහාර ලබාදීමට කඩිනම් පියවර ගෙන තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.
මේ අතර ප්‍රදේශ රැසක මාස් කන්නයේ වගාකරන ලද කුඹුරු සහ ගෙවතු වගාවන්ද ජලයෙන් යටවී තිබේ.
වගා කරන ලද කඹුරු කොපමණ ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී නැතැයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කලේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර හිටපු ජනාධිපති දන්නේ නැද්ද මේවා..? ඡන්දෙ විතරද එයාලාට ඕනෑ..? ඔයාලත් ලැජ්ජා නැතුව ඔවුන්ටම ඡන්දෙ දීලා දරුවන්ගේ දරුවන්ටත් මේ දුකම උරුම කරලා දෙන්න...