
(චාපා මධුභාෂිණී)
පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 45, කොකේන් මිලිග්‍රෑම් 550, ගංජා මිලි ග්‍රෑම් 11250 සමග සැකකරුවෝ දහයක් පොළොන්නරුව සුරාබදු නිලධාරීන් සහ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ලැබූහ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කැකිරාව, අනුරාධපුර ,තලාව ,මාතර පොළොන්නරුව, බැඳි බැව් ,මාකඳුර ය්න දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් මෙම සාදයේ සිටි බව වැටලීම සිදුකළ නිලධාරීහු කීහ.
මෙම සැකකරුවන් අතරින් බලපත්‍ර නොමැතිව මත්පැන් විකිණීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර කොකේන් මිලිග්‍රෑම් 550 ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයකුද ගංජා මිලිග්‍රෑම් 11250 ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයන් හත් දෙනකු සුරා බදු නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල පුද්ගලයින්ට දඬුවම් දෙනවා සේම මෙවැනි නීති විරෝධී සාදයක් පැවැත්වීමට අවසර දීම පිළිබඳව අදාල පෞද්ගලික සංචාරක නිකේතනයේ බලධාරීන්ට දඬුවමක් නැද්ද?