IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පෝලන්තයේ ජනාධිපතිවරණය කල්දමයි

පෝලන්තයේ ඉරිදා (10) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී ඇති අතර එයට පෝලන්තයේ පාලක සභා පක්ෂ එකඟ වී තිබේ.

ඡන්දය පැවැත්වීමේ දිනය හැකි ඉක්මනින් තීරණය කරන බවත් එය තැපැල් ඡන්ද විමසීමක් පමණක් වනු ඇති බවත් බලධාරීහු පවසති.

බීබීසි සේවය පවසන්නේ පවතින සෞඛ්‍ය අර්බුදය හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පෝලන්තය බරපතල දේශපාලන අර්බුදයකට ඇද දමා ඇති බවයි.

අගුලු දැමීම හේතුවෙන් අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවා ඇති බැවින් මැතිවරණය විනිවිද භාවයෙන් හා සාධාරණව පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් ද අනතුරු අඟවා තිබිණි.

පෝලන්තයේ වත්මන් ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩුඩා මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහුගේ විරුද්ධවාදීන් පවසන්නේ ජනාධිපතිවරයා දිනපතා රාජ්‍ය මාධ්‍යයන්හි පෙනී සිටින බැවින් ස්වාධීන මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි.

පෝලන්තයේ මේ වනවිට නොරෝනා ආසාදිත රෝගීන් 15 000කට ආසන්න පිරිසක් සිටින බවත් මරණ 700කට වැඩි ප්‍රමාණයක් සිදුවී ඇති බවත් ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා සඳහන් කරයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (5)

පෝලන්තයේ ජනාධිපතිවරණය කල්දමයි

ජයම්පති Thursday, 07 May 2020 12:38 PM

පෝලන්තේ එහෙම වුණාට ලංකාවෙ එහෙම වෙන්නේ නැහැ ....

:       1       18

de silva Thursday, 07 May 2020 01:13 PM

පෝලන්තෙට බැරි වුනාට ජුනි 20 කොහොමහරි අපි නම් තියනවා. අගෝස්තු වෙනකොට පළාත්සභා චන්ද තියනවා රෝහල් වල ඉන්නේ කොරෝනා ලෙඩ්ඩු 600 පමණ....දැන් මැතිවරණ කොමසාරිස්ගේ පුතත් එංගලන්තේ ඉඳලා ලංකාවට ගෙනත් තිබෙන්නේ. රටේ කිසිම මාර්ග තදබදයක් නැහැ. වාහන අනතුරු වලින් මිනිස්සු මැරෙන්නෙත් නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා රට සාමන්‍ය තත්වයට පත්වෙලා තිබෙන බවට චන්දෙට කිසිම බාධාවක් නැහැ. ලෙඩා මලත් බඩ සුද්දය.

:       11       29

Perera Friday, 08 May 2020 12:53 AM

ලංකාවේ තියන්න හදන්නේ මහා මැතිවරණෙ, ජනාධිපතිවරණෙ නෙවෙයි.. දකුණු කොරියාවේ මහා මැතිවරණෙ තිබ්බේ කොරෝනා එක්ක... ඒ හින්දා මොකද ලංකාවේ මහා මැතිවරණෙ තියලා 2/3 බලයකුත් එක්ක පොහොට්ටු රජය බලයට පත් කරන්න බැරි ඇයි?

:       0       0

rana Friday, 08 May 2020 02:50 AM

ඉදිරියේදී යකඩ සපත්තුවලට යටවෙලා ජීවත් වෙනවට වඩා කොරෝනා සැදී මියයාම වටිනවදෝ යැයි සිතේ...

:       0       0

gamage Friday, 08 May 2020 05:04 AM

එන්න අපි ලෝකෙටම පෙන්නමු.. අනිත් රටවල්වලට කරන්න බැරි දේ අපිට කරන්න පුලුවන් කියලා. අපේ වැඩකරන විරුවට මුලු ලෝකෙම හිස නමයි එතකොට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31643 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 181 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1112 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site