පෝලන්තයේ ඉරිදා (10) පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී ඇති අතර එයට පෝලන්තයේ පාලක සභා පක්ෂ එකඟ වී තිබේ.
ඡන්දය පැවැත්වීමේ දිනය හැකි ඉක්මනින් තීරණය කරන බවත් එය තැපැල් ඡන්ද විමසීමක් පමණක් වනු ඇති බවත් බලධාරීහු පවසති.
බීබීසි සේවය පවසන්නේ පවතින සෞඛ්‍ය අර්බුදය හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පෝලන්තය බරපතල දේශපාලන අර්බුදයකට ඇද දමා ඇති බවයි.
අගුලු දැමීම හේතුවෙන් අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවා ඇති බැවින් මැතිවරණය විනිවිද භාවයෙන් හා සාධාරණව පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් ද අනතුරු අඟවා තිබිණි.
පෝලන්තයේ වත්මන් ජනාධිපති ඇන්ඩ්‍රෙජ් ඩුඩා මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහුගේ විරුද්ධවාදීන් පවසන්නේ ජනාධිපතිවරයා දිනපතා රාජ්‍ය මාධ්‍යයන්හි පෙනී සිටින බැවින් ස්වාධීන මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි.
පෝලන්තයේ මේ වනවිට නොරෝනා ආසාදිත රෝගීන් 15 000කට ආසන්න පිරිසක් සිටින බවත් මරණ 700කට වැඩි ප්‍රමාණයක් සිදුවී ඇති බවත් ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා සඳහන් කරයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝලන්තේ එහෙම වුණාට ලංකාවෙ එහෙම වෙන්නේ නැහැ ....
පෝලන්තෙට බැරි වුනාට ජුනි 20 කොහොමහරි අපි නම් තියනවා. අගෝස්තු වෙනකොට පළාත්සභා චන්ද තියනවා රෝහල් වල ඉන්නේ කොරෝනා ලෙඩ්ඩු 600 පමණ....දැන් මැතිවරණ කොමසාරිස්ගේ පුතත් එංගලන්තේ ඉඳලා ලංකාවට ගෙනත් තිබෙන්නේ. රටේ කිසිම මාර්ග තදබදයක් නැහැ. වාහන අනතුරු වලින් මිනිස්සු මැරෙන්නෙත් නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා රට සාමන්‍ය තත්වයට පත්වෙලා තිබෙන බවට චන්දෙට කිසිම බාධාවක් නැහැ. ලෙඩා මලත් බඩ සුද්දය.
ලංකාවේ තියන්න හදන්නේ මහා මැතිවරණෙ, ජනාධිපතිවරණෙ නෙවෙයි.. දකුණු කොරියාවේ මහා මැතිවරණෙ තිබ්බේ කොරෝනා එක්ක... ඒ හින්දා මොකද ලංකාවේ මහා මැතිවරණෙ තියලා 2/3 බලයකුත් එක්ක පොහොට්ටු රජය බලයට පත් කරන්න බැරි ඇයි?
ඉදිරියේදී යකඩ සපත්තුවලට යටවෙලා ජීවත් වෙනවට වඩා කොරෝනා සැදී මියයාම වටිනවදෝ යැයි සිතේ...
එන්න අපි ලෝකෙටම පෙන්නමු.. අනිත් රටවල්වලට කරන්න බැරි දේ අපිට කරන්න පුලුවන් කියලා. අපේ වැඩකරන විරුවට මුලු ලෝකෙම හිස නමයි එතකොට...