IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පොල් මණ්ඩලයෙන් ඉඩම් කොමිසමට කෝටි 35 ක බදු පොල්ලක්

(ජේ.ඉඳුරුවගේ)

පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1 ,539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කරයි.

එමෙන්ම මෙලෙස බදු දුන් තවත් ඉඩම් අක්කර 1588 ක් වෙනුවෙන් අයකළ යුතු බදු මුදල කොතෙක්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැතැයිද විගණන කාර්යාලය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2023 ට අදාළව නොබෝදා නිකුත් කර ඇති මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් 2024.07.05 දින පැවැති රැස්වීමකදී හිඟ බදු මුදල් ගෙවීමට හා ඉදිරියේදී බදු නියමානුකූල කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් පොල් වගා කිරීමේ මණ්ඩලය වෙත දැනුම් දුන් බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව  විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබා දී ඇත.

 



අදහස් (1)

පොල් මණ්ඩලයෙන් ඉඩම් කොමිසමට කෝටි 35 ක බදු පොල්ලක්

kamal Koyrala Sunday, 26 January 2025 11:53 AM

මේ සා ප්‍රමාණයක ඉඩම් ලබාගෙන වවපු පොල් කොහේද කියා සොයා බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site