(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධීන් සහ ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට අද (15) උපදෙස් දුන්නේය.
සමාජයේ ගෞරවයට පාත්‍ර වන මහා සංඝරත්නය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර ඊට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය පිටුපස සිටින අය කවුරුන්ද, ඒවාට සම්බන්ධ අය කවුරුන්ද සහ අනුබල දෙන අය කවුරුන්ද යන්න පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
මෙම අදාල වාර්තාව ලැබුණු පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිශයින් වැදගත් තීරණ ගැනීමට නියමිතය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සහ භූ ගර්භ විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත් විදුර සේනාරත්න මහත්වරුන්ට එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පහර දීම සම්බන්ධයෙන්ද වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයා මීට පෙර අදාල අංශවලට උපදෙස් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි කොල්ලන්ගේ ගුටිබැට අප පේරදේණ්යේ ඉන්නා 1995 වසරෙදි අපගේ ඉංජිනේරු සිසුන් ප්‍රමුක සිසුන් කන්ඩායමක් සරසවියේ අරක්ශක නිලදාරින්ට පහරදිමක් සිදුවුනා. එයට කිසිම දෙශපාලන පක්ශයක් සම්බන්ද වුනේ නැහැ. එය සිදු වුනේ පාරේ ගිය දෙවන වසරේ ඉංජිනෙරු සිසුවෙකු වු ඩබා (අනුවර්ත නම ) හිල්ඩා ඔබේසේකර ශාලවේ සිට ගලහා පැත්තට ගමකරන අතරතුර නවක සිසුවෙක් දැක නවතා නවක වදය දෙන අවස්තාවේ සරසවි අරක්ශක බලකාය ඩබාව ආරක්ශන බලකායේ පැජරො රථයට නංවා ටිකදුරක් ගමන් කොට රථය නව්තා ඩබාව තනිකොත සියලුම අරක්ශක නිලධාරින් රථයෙන් බැස යම් කිසි කාර්යකට පිටත් වි ඇත. කුමන හෙතුවක් නිසා හො ඩබාව තනිකොට ආරක්ශක නිලධාරින් රතයෙන් පිටවුයේ ඩබාට පැනයාමට අවස්ථාවක් සැලසිමට මිස අන් කවරකටව්ත් නොවෙ. පැනගිය ඩබා අක්බාර් ශාලාව වෙත ගොස් එම වසරේ ශාලාවේ අනවසරයෙන් නේවාසිකව සිටි සිසුන් සහ අවට පුද්ගලික නෙවාසිකාගාර වල සිටි සිසුන් රැස්කරගෙන ඔහුන් සරසවි අරක්ශක අංශය වෙත ගොස් එහි සිටි අරක්ෂක නිලදාරින් කිප දෙනුකුට පහර දි ඔහුන්ග්ගේ කාර්යාලයට අලාභහානි කර පිටවිය. මෙම සිදුවිම සරසවි බලධරින්ට පැම්ණිලි කිරිමෙන් අනතුරුව එම පිරිසෙන් මුගලන් (අනුවර්ත නම ) පමනක් පෙරසිදුවිමකින් නිසා
කුඩා දරුවන් පැවිදි කිරීම තමා සේරටම මුල..
කථාව විතරයි ක්‍රියාවන් නැත
විදුර සේනාරත්න මහතා අලාභහානි කළ මෝටර් සයිකල් දෙක ගැන මොකක්ද පොලිසියෙන් ගත්තු පියවර..? ඒකත් ජනාධිපතිගේ අනින් කරන්නද ඉන්නේ...?