(යොහාන් භාසුර)
වර්තමානයේ රට මුහුණ දී සිටින පොල් අර්බුදයට හේතුව පොල් අපනයනය කිරීම බවත් ශ්‍රී ලංකාවේ පොල් අපනයන ඉල්ලුම මිලියන 800 සිට මිලියන 1,400 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (9) පැවසීය.
කොළඹ ලයන්ස් ක්ලබ්හිදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා එසේ සඳහන් කළේය.
මෙරට වාර්ෂිකව මිලියන 3,100 ක සාමාන්‍ය පොල් ගෙඩි අස්වැන්නක් නිෂ්පාදනය කරන බවත් මෙම වසරේ පොල් අස්වැන්න මිලියන 700 කින් පමණ අඩුවීම ගැටලුව බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.
මෙරට වාර්ෂික පරිභෝජනය සඳහා පොල් ගෙඩි මිලියන 2,100 ක් පමණ අවශ්‍ය බව කී ජයගොඩ මහතා රටේ පරිභෝජනයට යොදවලා ඉතිරි පොල් අස්වැන්නෙන් මිලියන 800 ක් පමණ අපනයනය කරන බව ද සඳහන් කළේය. ව්‍යාපාරිකයන් කුරුම්බා අපනයනය කර විශාල ලාභයක් ලබන බවත් පොල් අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 400 ත් 600 ත් අතර ආදයමක් මෙරට ලබන බවත් ඔහු කීය.
පොල් අස්වැන්න මිලියන 700 කින් පමණ අඩු වීම කෙටිකාලීන ප්‍රශ්නයක් නොවන බව කී පුබුදු ජයගොඩ මහතා රටේ පොල් අස්වැන්නට බලපෑම් කළ දිගුකාලීන බලපෑම් රැසක් ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොල් - කුරුම්බා රට යැවීම පොල් ගැටලුවට හේතුව
Sediris Monday, 09 December 2024 06:49 PM
මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ලංකාවේ හැම බඩුවකම මිල වැඩි වෙලා, ඒත් පොල් වල මිල වැඩි වෙන්නෙ නෑ. එහෙම වුණාම පොල්වතු අයිති මිනිස්සු පොල් ගස් කපලා, කටුපොල් හරි වෙන මොනවා හරි හිටවනවා. නැත්තන් ඉඩම් කුට්ටි කරලා වෙන්දේසි කරනවා. ඒක නිසා පොල් වලටත් මිල වැඩි වෙන්න ඉඩක් දෙන්න ඕනෑ. නැත්තන් තව අවුරුදු 10කින් විතර පොල් දකින්න වෙන්නේ කටුගේ විතරයි.
seneTuesday, 10 December 2024 07:25 AM
ඔබ නොදුටුවාද පොල් මිලත් අනිත් සියලු දේ වලට සාපේක්ෂව ඉහළ ගිය බව... සහල් පොල් අපේ එදිනෙදා වේලට සහ වෙනත් කෑම සාදාගැනීමට පාවිච්චි වෙන බැවින් එහි මිල වෙනස්වීම තදින් දැනෙනවා නේද? ඔබට මේ දෑ අත්‍යාවශ්‍ය නොවේ නම් නොගෙන සිටින්න. අසත්‍ය ලෙස කරුණු ඔබේ වාසියට වෙනස් නොකරන්න...
ANA Monday, 09 December 2024 08:08 PM
ආර්ථික අර්බුදයට පෙර පොල් මිල රු. 50 විතර රටේ අනෙක් දේවල මට්ටමට පොල්මිල ඉහළ ගියේ නැහැ. දැන් මිල තමා හරි ගණන...!
Roshan Monday, 09 December 2024 08:33 PM
මේ බූරුවා දන්නා මගුලකුත් නෑ.. නොදන්නා මගුලකුත් නෑ. 2009 ඉඳලාම මහ පරිමාණයේ වතු පොහොර දාලා නෑ... 2022 ඉඳලා සුදු මැස්සාගේ හානිය නිසා ඵලදාව සෑහෙන්න ප්‍රමාණයකින් අඩු වුණා. ඊට අමතරව පොල් ත්‍රිකෝණයේ මහා පරිමාණ පොල් ඉඩම් ටික කට්ටි කඩලා වික්කා බෝගොල්ලාගමලා. බිංගිරිය සාරවත් පොල් අක්කර 1000ක් විතර කපලා කර්මාන්ත පුරයක් දැම්මා යහපාලන ආණ්ඩුව.
Lalla Monday, 09 December 2024 09:36 PM
ගෝඨා පිස්සුව තදවුණු කාලේ පටන් රසායනික පොහොර දාල නෑ. දැන් තියෙනවා. ඒත් පොල් ගෙඩිය 150/=ට විකුණන්න ඕනෑ පොහොර භාවිතයට. අනික කෘමි හානි රිලා වඳුරු දඬු ලේන් සහ පැලවලට ඉත්තෑ හානිය. දරාගත නොහැකි තරම් වීනාශයක් සත්ව හානිය...
DTMonday, 09 December 2024 10:34 PM
බින්ගිරියේ කර්මාන්ත පුරය දැමුවේ රජයේ වත්තකයි, ඒ රජයේ වතුවල තිබූ පොල්ගස් වලින් එක් මුරයකට අක්කර සීයකින් පොල් 20,000ක් කඩාගන්න බැරිතරම් ගස් සවුත්තු වෙලා තිබුනේ, ඒ වගේ සාමාන්‍ය වත්තක පොල් 20,000ක් කඩනවා අක්කර 50 කින්. වටේ ඉන්න මිනිස්සුයි, නිලධාරිනුයි ඒ වතු වලින් ගසා කෑවා, හොරා කෑවා ඇති වෙනකම්. දැනටත් ඉතුරු වුණු ගස්වල පොල්වලට වගකියන හොරු ඕනෑතරම්. වතු රජයට තියාගෙන ඉන්න එකත් බරක් ගානට තිබුනේ. ඇත්තටම ඒවාගෙන් විදේශ විනිමය ගන්න ක්‍රමයකට හරි හැදුණු එක හොඳයි. ඒක නෙමෙයි ප්‍රශ්නේ, මිනිස්සු පොල් ගස්වලට සාත්තු කරන්නේ නෑ... ඔහේ හැදෙන එකක් විකුන විකුණා හිටියා, ඊට පස්සේ පොහොර නැතිවුණාට පස්සේ පොහොර දාන ඉඩම් වලටත් පොහොර නැති වුණා. ඒත් එක්කම ඔයා කිව්වා වගේ සුදු මැස්සා ආවා. ඒකෙන් පොල් නැත්තටම නැති වෙනකම් පොල් මන්ඩලය නිදි.
de silva Tuesday, 10 December 2024 05:44 AM
පුබුදු ජාගොඩ සහ පාඨකයින් වන ඔබ සියලුදෙනාම පවසන අදහස් වල යම්කිසි සත්‍යයක් තිබෙනවා. කුරුම්බා හෝ කුරුම්බා වතුර පිටරට යවන කොට රටේ පොල් ඵලදාව යම්කිසි ප්‍රමාණයකට අඩුවෙනවා, පොල්වතු කැබැලි කරලා විකුණුවොත් ඒකෙනුත් පොල් ඵලදාව අඩුවෙනවා. වතු හරියට පොහොර නොදා නඩත්තු නොකළොත් ඒකෙනුත් යම්කිසි අඩු වීමක් තිබෙන්න පුළුවන්, සුදු මැස්සා, රිලවු වැනි සතුන්ගෙනුත් යම්කිසි හානියක් වෙනවා.. මේ ඔක්කෝම එකතු වුණාම ඵලදාව නිකන්ම අඩු වෙනවා...
රුවන් Tuesday, 10 December 2024 06:18 AM
අපි පොඩිකාලේ තිබ්බ පොල් ත්‍රිකෝණය දැන් නෑ. ඉස්සර ගාලුපාර අවට තිබ්බ පොල් ගස් කෝ? අධික ජනගහනය හින්දා දැන් ගම්වලත් පර්චස් 10ට අඩු ගෙවල් තියෙන්නේ, කොහොමද පොල් ගස් හිටවන්න ඉඩකඩ. කෑළෑ කපන්න බෑ තව ප්‍රශ්න ගොඩක් එනවා.
මැක්ස් Tuesday, 10 December 2024 06:32 AM
පුනරුද යුගය ශාස්ත්‍රීය ලෙස ඉටු කරන්නේ මේ අයුරින් බවට පෙන්වූ ක්වොන්ටම් ජාගොඩට අපේ ස්තුතිය..!
dileepa1986 Tuesday, 10 December 2024 08:20 AM
මොවුන්ට මයික් අල්ලන අයට ගහන්න ඕනෑ. කිසිම ජන මතයක් නෑ. ජනතාව සත පහකට ගණන් ගන්නෙත් නෑ. මීඩියා වලට ඇවිල්ලා දාර වොයිස් කට් දෙනවා මිසක් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරොත් හරි යනවා කියලා කෙලින් උත්තරයක් දෙන්න බැරි කෙනෙක්මෙයා..
Kamal Koyrala Tuesday, 10 December 2024 02:07 PM
මෙරට ප්‍රධාන ආර්ථික බෝග වගාවන්ට වෙලා තියන නැස්පැත්තිය පිළිබඳව සොයා බැලිය යුතුයි