
(යොහාන් භාසුර)
වර්තමානයේ රට මුහුණ දී සිටින පොල් අර්බුදයට හේතුව පොල් අපනයනය කිරීම බවත් ශ්‍රී ලංකාවේ පොල් අපනයන ඉල්ලුම මිලියන 800 සිට මිලියන 1,400 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (9) පැවසීය.
කොළඹ ලයන්ස් ක්ලබ්හිදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා එසේ සඳහන් කළේය.
මෙරට වාර්ෂිකව මිලියන 3,100 ක සාමාන්‍ය පොල් ගෙඩි අස්වැන්නක් නිෂ්පාදනය කරන බවත් මෙම වසරේ පොල් අස්වැන්න මිලියන 700 කින් පමණ අඩුවීම ගැටලුව බවට පත්ව ඇති බවත් ඒ මහතා කීය.
මෙරට වාර්ෂික පරිභෝජනය සඳහා පොල් ගෙඩි මිලියන 2,100 ක් පමණ අවශ්‍ය බව කී ජයගොඩ මහතා රටේ පරිභෝජනයට යොදවලා ඉතිරි පොල් අස්වැන්නෙන් මිලියන 800 ක් පමණ අපනයනය කරන බව ද සඳහන් කළේය. ව්‍යාපාරිකයන් කුරුම්බා අපනයනය කර විශාල ලාභයක් ලබන බවත් පොල් අපනයනයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 400 ත් 600 ත් අතර ආදයමක් මෙරට ලබන බවත් ඔහු කීය.
පොල් අස්වැන්න මිලියන 700 කින් පමණ අඩු වීම කෙටිකාලීන ප්‍රශ්නයක් නොවන බව කී පුබුදු ජයගොඩ මහතා රටේ පොල් අස්වැන්නට බලපෑම් කළ දිගුකාලීන බලපෑම් රැසක් ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ලංකාවේ හැම බඩුවකම මිල වැඩි වෙලා, ඒත් පොල් වල මිල වැඩි වෙන්නෙ නෑ. එහෙම වුණාම පොල්වතු අයිති මිනිස්සු පොල් ගස් කපලා, කටුපොල් හරි වෙන මොනවා හරි හිටවනවා. නැත්තන් ඉඩම් කුට්ටි කරලා වෙන්දේසි කරනවා. ඒක නිසා පොල් වලටත් මිල වැඩි වෙන්න ඉඩක් දෙන්න ඕනෑ. නැත්තන් තව අවුරුදු 10කින් විතර පොල් දකින්න වෙන්නේ කටුගේ විතරයි.
ආර්ථික අර්බුදයට පෙර පොල් මිල රු. 50 විතර රටේ අනෙක් දේවල මට්ටමට පොල්මිල ඉහළ ගියේ නැහැ. දැන් මිල තමා හරි ගණන...!
මේ බූරුවා දන්නා මගුලකුත් නෑ.. නොදන්නා මගුලකුත් නෑ. 2009 ඉඳලාම මහ පරිමාණයේ වතු පොහොර දාලා නෑ... 2022 ඉඳලා සුදු මැස්සාගේ හානිය නිසා ඵලදාව සෑහෙන්න ප්‍රමාණයකින් අඩු වුණා. ඊට අමතරව පොල් ත්‍රිකෝණයේ මහා පරිමාණ පොල් ඉඩම් ටික කට්ටි කඩලා වික්කා බෝගොල්ලාගමලා. බිංගිරිය සාරවත් පොල් අක්කර 1000ක් විතර කපලා කර්මාන්ත පුරයක් දැම්මා යහපාලන ආණ්ඩුව.
පුබුදු ජාගොඩ සහ පාඨකයින් වන ඔබ සියලුදෙනාම පවසන අදහස් වල යම්කිසි සත්‍යයක් තිබෙනවා. කුරුම්බා හෝ කුරුම්බා වතුර පිටරට යවන කොට රටේ පොල් ඵලදාව යම්කිසි ප්‍රමාණයකට අඩුවෙනවා, පොල්වතු කැබැලි කරලා විකුණුවොත් ඒකෙනුත් පොල් ඵලදාව අඩුවෙනවා. වතු හරියට පොහොර නොදා නඩත්තු නොකළොත් ඒකෙනුත් යම්කිසි අඩු වීමක් තිබෙන්න පුළුවන්, සුදු මැස්සා, රිලවු වැනි සතුන්ගෙනුත් යම්කිසි හානියක් වෙනවා.. මේ ඔක්කෝම එකතු වුණාම ඵලදාව නිකන්ම අඩු වෙනවා...
අපි පොඩිකාලේ තිබ්බ පොල් ත්‍රිකෝණය දැන් නෑ. ඉස්සර ගාලුපාර අවට තිබ්බ පොල් ගස් කෝ? අධික ජනගහනය හින්දා දැන් ගම්වලත් පර්චස් 10ට අඩු ගෙවල් තියෙන්නේ, කොහොමද පොල් ගස් හිටවන්න ඉඩකඩ. කෑළෑ කපන්න බෑ තව ප්‍රශ්න ගොඩක් එනවා.
පුනරුද යුගය ශාස්ත්‍රීය ලෙස ඉටු කරන්නේ මේ අයුරින් බවට පෙන්වූ ක්වොන්ටම් ජාගොඩට අපේ ස්තුතිය..!
මොවුන්ට මයික් අල්ලන අයට ගහන්න ඕනෑ. කිසිම ජන මතයක් නෑ. ජනතාව සත පහකට ගණන් ගන්නෙත් නෑ. මීඩියා වලට ඇවිල්ලා දාර වොයිස් කට් දෙනවා මිසක් මෙන්න මේ ක්‍රමය අනුගමනය කරොත් හරි යනවා කියලා කෙලින් උත්තරයක් දෙන්න බැරි කෙනෙක්මෙයා..
මෙරට ප්‍රධාන ආර්ථික බෝග වගාවන්ට වෙලා තියන නැස්පැත්තිය පිළිබඳව සොයා බැලිය යුතුයි