
(අජන්ත කුමාර අගලකඩ)
රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා(25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.
අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත .
රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී පක්ෂ නායකයින් පෙන්වා දී ඇත .
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද ,ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, පුළුවන් නම් මේ ගල් බමුණන් 3 දෙනා පෙරලලා දාන්න. එතකොට ආණ්ඩුවට යම් යහපතක් වේවි...! ඒ තරම්ම මේ අය ජනතාවට පෙන්නන්න බැරිවෙලයි තියෙන්නේ.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල කරුණු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිනොගතහොත් අවසනයේ (යෝජනා - වලියක්) වේවිද?
සැලුන් දොර ඇරෙයිද?
කවුද කියන්නේ මේ හාල්පාරුවන්ට ‘‘පෙරළි කාරයෝ‘‘ කියලා..?
මේ මොන පෙරළිකාර කණ්ඩායමක්ද? මේ පෙරළිකාරයින්ගේ ඔක්කොම පෙරළි අරලියගහ මන්දිරයේ තිබෙන පාටියකට සහභාගී කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළොත්, ප්‍රතිඵලය ජනතාවට සැබෑ ලෙසම බලාගන්නට පුළුවන්.. කෙටියෙන් කියනවා නම්, මේ දේ ගැන පෙන්වාදිය හැක්කේ, නැව ගිලෙනවා දැක මීයන් කලබල වී ඇති බවයි. නැව ගිලීයෑමට මීයන්ද වගකිවයුතු වුවත්, ඒ බව පෙන්වීමට මීයන් කැමැත්තක් නැත්තේය. නැවේ කපිතාන්ට බොරු බේගල් දෙසාබා, වැරැදි උපදෙස් දී, නැව වැරැදි මාර්ගයේ යවා, මීයන් රැළ අද කෑ මොර දෙන්නේ, තමන් නිවැරදි බවත්, නැවේ කපිතාන් පමණක් වැරදිකාරයා බවත්ය. එහෙත්, සත්‍යය කුමක්දැයි දන්නෝ දනිති...
තවත් නාඩගමක් තිරගත වෙනවා. මේකෙන් තව මාසයක් හෝ දෙකක් දුවන්න පුළුවන්. ගතවූ අවුරුදු දෙකක් කොහොම හරි ලෝකේ වටිනාම මැණික් ගල, මන්නාරමේ තෙල් නිධිය, රිශාර්ඩ්, අසාද් සාලි අත්අඩංගු, පල්ලියේ බෝම්බ ඒ වගේ සංදර්ශන තිරගත කරමින් ගෙවී ගියා...
තවත් නාට්‍යය ජවනිකාවක්... තිරනාටකයට අනුව ආණ්ඩුව මේ යෝජනා පිළිගැනීමෙන් පසුව සියළුම වැරැදි අමතක කොට ආණ්ඩුවට සුදුහුණු ගා නැවතත් මේ පිරිස ජනතාද්‍රෝහී ආණ්ඩුව සමග එක්වෙනු ඇත. ටික දිනකින් මේ යෝජනා කුණුකූඩයට වැටී සියලු දෙනා විසින් අමතක කර දමනු ඇත. ජනතාව තවදුරටත් රැවටීමට මොවුන්ට ඉඩ නොදෙමු...
මේ අය දැන් අලුත් නමක් දාගෙන ඇතුලේ ඉඳන් සැප ගන්නවා... සුසිල්ගේ රෙදි ගැලෙව්වා වගේ මේ අයගේත් රෙදි ගැලවෙයි කියලා... මොන නම් දාගත්තත් මිනිස්සු නුඹලා තුන්දෙනා පට්ට හොරු කියලා දන්නවා...
සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිලි කරන්න එක ළමයෙකුට දුන්නත් කරයිනේ... පරිපාලනය කියන්නේ ඒ අර්බුදවලින් මිදෙන්නට සැලසුම් හදන එක...
නරි නාටක...!
නාටක රැලට තවත් නාටකයකට සුදානම් වෙනවා.
තවත් නාට්‍යය ජවනිකාවක්. තිරනාටකයට අනුව ආණ් ඩුව මේ යෝජනා පිළිගැනීමෙන් පසුව සියළුම වැරදි අමතක කොට ආණ් ඩුවට සුදු හුණු ගා නැවතත් මේ පිරිස ජනතාද්‍රෝහී ආණ් ඩුව සමග එක් වෙනු ඇත. ටික දිනකින් මේ යෝජනා කුණුකූඩයට වැටී සියලු දෙනා විසින් අමතක කර දමණු ඇත. ජනතාව තව දුරටත් රැවටීමට මොවුන්ට ඉඩ නොදෙමු.
සෙට් එකම පන්නා දමන්න ඕනේ.
මේ ගොල්ලෝ කතා කරනවා විතරයි. වැඩ නැත !
නිකන් බොරුවට මිනිස්සුන්ගේ අවදානේ වෙනතකට හරවන්න , ජනපතිට තියන ජනතා අප්‍රසාදය තුනීකරන්න විගඩම් කරන්න එපා තමුන්න්නන්සේලා ගේ " සෙට් " එක මොකද්ද කියල ජනතාව හොදින් දන්නවා ඕක නිකන් මොනර නැටුමක් ඉස්සරහ ලස්ස්සනයි කියල පෙනුනට පස්ස පැත්ත එළියේ ! ජනපති උතුමාගේ චින්තනය මොකද්ද කියල ගෑස් ප්‍රශ්නෙම්ම පෙනුන නෙව එයා හරි පාරට ගන්නවට වැඩිය මට හිතේ කේප්ප ගොනෙකුට "කලනය " උගන්නන්න ලේසියි !
බොරුවට සද්දේ දැම්මට රාජපක්ෂලා ළඟ හුරතල් වන හිලෑ වන කඩේ යන මේගොල්ලෝ පෙරලි කාරයෝ නොවේ විහිළු කාරයෝ.
අවස්ථාවදයම තම පැවැත්ම කරගත් මිනිසුන්ගෙන් මොන යෝජනාද.?
මං මොනව හරි කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ නේද? (විමල් වීරවංශ ජවනිකාව දිනේෂ් ගුණවර්ධන ඉදිරිපිට මාධ්‍යයට රඟදක්වපු ජවනිකාව) මේ ගොල්ලෝ කොහෙද පෙරලිකාරයෝ..! මේ ගොල්ලෝ පෙරළුණු පිට හොඳයි කියන කට්ටියනේ... අනේ මොන කතාද? මේ බයිලා තමයි...
පෙරළෙන එකා කොහොමත් පෙරළෙන එක තමයි කරන්නේ.
බලු නඩය..!
මේ තුන්දෙනා ගැන විශ්වාස කරනවා බොරු. බිස්කට් හොරෙන් කකා උපවාසේ කරපු කෙනා... මේ අය ලෝකෙට පේන්න බොරු රඟපෑමක් කරන්නේ...
බිම පෙරළි පෙරළී ජෝක් කරන නිසා තමයි මෙයාලාට පෙරළිකාරයින් කියන්නේ...
මැක්කෝ සෙට් එක ආයෙත් එකතුවෙලා...!
මෙන්න මේ වලපයයි, ගොඩපයයි ඉන්න මේ නාකියන් දන්නවා ඔවුන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව වසර කීපයයි කියලා. ඒ හින්දා තමන්ගේ සුඛ විහරණය සඳහා කරන්න පුළුවන් උපරිම දේවල් කරලා රටේ බහුතරයකට හෙණ ගැහුණත් කමක් නෑ, තමන්ට සැප හම්බ වෙනවා නම් කියන තත්වයක ඉන්නේ. විකෘති සහ සිහිමඳ මානසික තත්වයන්ගෙන් යුත් මහල්ලන් ඉහළ පුටුවල ඉන්න රටවල්, ආයතන බලාගෙන ඉඳිද්දී කඩා වැටෙන්නේ...
කැබිනට් එකේ මේ තුන්දෙනාම ආණ්ඩුවේ කියලා මම හිතාගෙන හිටියේ.... අනේ මම වගේ ගොනෙක්...
ඔයාලා යෝජනා දම දමා ඉන්න. අපි ඔයාලා යවන කාලේ ඉක්මණටම ඒවි...
මෙදා සැරේ දෙනවා බැටේ කියලා පටන් ගත්තට දැන් මේ ගොල්ලෝමයි බැටකාලා ඉන්නේ. ඔක්කොම හත් හවුලෙ කැඳහැලියක් බවට පත්වෙලා.
ඔක්කොම හොරු.. ප්‍රධාන පක්ෂ 3ම පන්නන්න ඕනෑ.
බොරු මාධ්‍ය සංදර්ශන ඕනෑ නැහැ. ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිව්වා නම් ඉවරයි නේ...
අතීසාරෙට අමුඩ ගහන රිලා පනික්කියෝ...
හැමදේකටම නකුට වනලා එහෙයි කියන අයට කියන්නේ පෙරළිකාරයින් කියලද? මේ කීකරු නකුටු රාලලාගේ නාට්ටි තමයි...
ඉදිරිපත් කරන්නකෝ අපිටත් බලන්න මොකද්ද ඔය යෝජනාවලිය කියලා... සමහරවිට හොඳ අදහස් තියෙන්න පුළුවන්... ඒත් ක්‍රියාත්මක කරයිද කියලයි සැක...!
මේ තමයි රට විනාශයෙන් විනාශයට ඇදගෙන ගිය බඩගෝස්තරවාදී නරුමයින් ටික...
ඔක්කොම බෆල් විතරයි, සවුන්ඩ් එක කාගෙවත්...!
රජයත් සමග ඔබලාට කටයුතු කරන්නට බැහැ. එහි එකාධිකාරය ඔබට බිඳලන්නට බැහැ..!
ගම්මන්පිල දිගින් දිගටම අසාර්ථක බව සනාථ කරලා ඉවරයි. දැන් මේ ජනතාවගෙන් ලකුණු දාගන්න කරන නාට්‍ය සංදර්ශන. හරි නම් මෙතුමා අස්කළ යුතුයි. අනිත් අතට විමලා අවුරුදු ගාණක් තිස්සේ රටට කරපු දෙයක් නම් නැහැ. එතුමා ඉන්නවා කියලා පෙන්නලා ලකුණු දා ගන්නේ මේ වගේ නාට්‍ය කරලා තමයි. මේ දෙන්නට වියදම් කරපු ජනතා ධනයෙන් කිරි ගවයින් ටිකක් ගත්තා නම් මීටවඩා රටට සේවයක් කරගන්න තිබ්බා...
"පෙරළිකාර කණ්ඩායම කියනවාට" වඩා "නැට්ට පස්ස පැත්තේ ගහන් ඉන්න පුස්වෙඩි" කණ්ඩායම කිව්වා නම් ගැලපෙනවා.
ගොන් රැළක්...
කව්ද කියන්නේ මේ ටික පෙරලිකාරයින් කියලා. මේ අය පෙරලි කාරයින් නෙමෙයි පිංගුත්තරයින් සෙට් එකක්... කාලකන්නි...!!!
හොරු කණ්ඩායමක්...