පාස්කු ඉරිදා ප්‍රහාරයට අයි.එස්.අයි.එස්. සංවිධානය සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තවමත් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24) පැවසීය.
මේ ප්‍රහාරයට අයි.එස්.එයි.එස්. සංවිධානය ස්ථිරව සම්බන්ධ දැයි තහවුරු කර ගැනීමට විශේෂ පරීක්ෂණයක් මේ දිනවල කරගෙන යන බව කී සෙනෙවිරත්න මහතා, ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධි හා ආරක්ෂක අංශවලින් සහාය ලබා ගන්නා බව ද ප්‍රකාශ කළේය.
ප්‍රහාරයට අයි.එස්.අයි.එස්. සංවිධානය ඍජුව සම්බන්ධ වී ඇති බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී නැතත්, සහරාන් කල්ලිය තුළ අයි.එස්.අයි.එස්. අදහස් හුවමාරු වූ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ඔහු කීය.
සහරාන් කල්ලියේ ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානත්වයෙන් ප්‍රහාරයට කලින් තමාටත් දැනගන්නට ලැබුණු බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රහාරය සිදුවූ දින උදේ ඒ පිළිබඳව තමාගේ දුරකතනයට එස්.එම්.එස්. පණිවුඩයක් රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබී තිබුණත්, පණිවුඩය දකින විට ප්‍රහාරය සිදුවී තිබූ බව ද පැවැසීය.
තමන් එස්.එම්.එස්. පණිවඩය දැක්කේ බෝම්බ ප්‍රහාරය ආරංචි වී කොච්චිකඬේ පල්ලියට ගොස් සිටියදී යැයි ද සෙනෙවිරත්න මහතා කීය.
සහරාන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාලයක සිට පරීක්ෂණ පැවැත්වූ බවත්, සහරාන් කල්ලියේ ප්‍රහාරය පිළිබඳව කල්තියා තොරතුරු ලැබී තිබියදී ඒ පිළිබඳව ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය ගැන තමාද සෑහීමකට පත් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මේ මොනවා කියනවද මන්දා අහිංසක අයි.එස්. ඕවට සම්බන්ධ නැහැ. අපේ රටේ කිසිඳු දේශපාලකයෙකු සම්බන්ධත් නැහැ. නිකන් බොරුවට ඔබලාව මහන්සි කරනවා. මේ බෝම්බ ගහගත්තේ එදා දේව මෙහෙයට ගිය අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රිස්තියානි මිනිස්සු සහ දරුවෝ ටිකක්... හරි නම් තුවාල ලබලා ඉන්න අයව අල්ලලා හිරේ දාන්න ඕනෑ. එහෙම නොකරපු එක ඔබලාගේ සහ රටේ නායකයින්ගේ මනුස්සකම.. ඔබලා වැනි නිලධාරීන්ට සහ අපේ සියලු පාලකයින්ට ජයවේවා...
මෙතන වෙලා තිබුණේ, නිවැරදි තොරතුරු කලින් ලැබිලත්, එක එක්කනා පණිවිඩය පාස් කළ පමණක් වෙලා තියන්නේ. අවශ්‍ය පියවර ගත්තද කියල කොව්රුත් සොයා බලලා නැහැ. හරියට රජයේ කාර්යාලවල ලිපිගොනු හුවමාරු වෙනවා වගේ. මෙතන එකමුතු භාවයක් (TEAM WORK) නැහැ. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ යුගයේ, එතුමා අලුයම පුවත් පත් බලලා, රටේ සිදුවන අඩු පාඩු දැනගෙන, එතුමාගේ ලේකම්තුමාට යොමු කරලා සවස දෙකට ඒ සම්බන්ධව ගත්තු පියවර කුමක්දැයි කියලා, එතුමා ලේකම් මාර්ගයෙන් දැනගන්නා බව, එතුමාගේ ලේකම් K H J විජේදාස මහතා ඒ දවස්වල සතියන්ත පුවතකට කියා තිබුණා. ඒ නිසා නියෝග නිකුත් කළා පමණින් ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ...
අයිසිස් කියන්නේ සමාගමක් නෙමේ... එ්ක දෘෂ්ටිවාදයක් (ideology).. එ්කට මට වුණත් අද බැඳෙන්න පුළුවන්. අවශ්‍ය දුර්වල මනසක් සහ දේවඇදහිල්ලක් විතරයි. අයිසිස් අයට සම්බන්ධ වෙලා මේක කරනවා කියල කියන්න විතරනේ තියෙන්නේ... මේ මනුස්සයා මොන ලෝකෙද ඉන්නේ..?
ප්‍රේමදාසත් බෝම්බයකට බිලි වුණේ ඔබ කියන විදිහට එතරම් හොඳට විමසීමෙන් වැඩ කරපු හින්දා වෙන්න ඇති නේද?