(අංජුල මහික වීරරත්න)
ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වූ පසු ඊට වගකිව යුකු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද(21) පැවසීය.
වැරදිකරුවන්ට උපරිම නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය බලතල ආරක්ෂක අංශවලට ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනපති සමඟ තමා විශේෂ සාකච්ඡාවක් කළ බව කී අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාවට ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් සහභාගී වූ බවද සඳහන් කළේය.
මේ මොහොතේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම පොලිස්පති වෙතත් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙම අර්බුදකාරී අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් ලෙස ඉවසීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පොලිස් පරීක්ෂණ අවසන් වූ සැණින් සිද්ධියේ සුළමුල සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.
කොළඹ අරලිය මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පුළුවන් පෙරහැර ගියාට පස්සේ අලි බෙටි එකතු කරන්න
වැරදිකාරයෙක් අහුවුනාම දඬුවම් දීම අධිකරණය බලාගනියි. දඬුවම් නියම කරන්න ඔබ කවුද? දැන්වත් හිතාමතාම අඬු කඩලා නැති කරලා දාපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රති ස්ථාපනය කරන්න. ඕනෑම රටක තිබෙන වැදගත්ම ආරක්ෂක වළල්ල රාජ්‍ය බුද්ධි අංශයයි. මේ ගොල්ලෝ ඒක නැතිකළ එකේ පල විපාක විඳින්නේ අහිංසක ජනතාව. ත්‍රස්තවාදය තිබුන කාලේවත් මෙහෙම දේවල් වුනේ නැහැ.
දැන්වත් නින්දෙන් නැගිටින්න. බුද්ධි අංශ අඩපණ නොකරන්න.
ඔව් ඔව්.. අවුරුද්දක්වත් හිරේ දාන්නම ඕන.
ඇත්තටම ඔබතුමාට රටේ බුද්ධි අංශ අවුල්ද?
අපට ඕන ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න. රටේ තිබුණු ආරක්ෂාවට මොකද වුනේ?
2015 සිට පොලිස් පරීක්ෂණ අවසන් වූ වැරදි කරුවන්ට දඬුවම් දුන්නා වාගේ ???
ඔබතුමන්ලා හැමදාම දඬුවම් දුන්නේ කටින් මිස ක්‍රියාවෙන් නෙවෙයි. අන්න එකයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ.
හා හා මෙයාගේ දැඩි දඩුවම්...
මහබැංකු කොල්ලයට සම්බන්ධ අයට දැඩි දඬුවම් දුන්නා වගේද දන්නේ නෑ?
ප්‍රහාර ඇතිවන්න කලිනුයි නවතා ගත යුත්තේ...
එතකොට ඡන්දේ අඩු වෙයි. බලාගෙන
ගිය ආණ්ඩුවේ හොරුන්ටත් ඕකම තමා කරනවා කිව්වේ. කතාව නවත්තලා වැඩේ කරලා පෙන්නන්න. අපි ඡන්දෙ දීලා යවලා තියෙන්නේ ඒකටයි.
මේ ප්‍රහාරයට ලොකුම වගකියයුත්තන් තමයි ආණ්ඩුව, සහ බුද්ධි අංශය මෙච්චර විශාල ප්‍රහාරයක් විශාල පිරිසක් එකතු වෙලා කරනකන් අපේ බුද්ධි අංශ නිදාගෙන හිටියද ?
රට අනාරක්ෂිත වුණේ ඕනවට වැඩිය ත්‍රස්තවාදය හුරතල් කරන්න ගිහින්.
මොන උත්තරද මහත්තයෝ?
කණ්නාඩියක් ඉදිරියට ගියානම් නිසකව සොයාගත හැකියි
වග කිවයුත්තෙ කව්දැයි දැනගන්න කන්නාඩියක් ඉදිරියට යන්න. එතකොට පෙනේවි වග කිවයුත්තේ කව්ද කියල.
අනේද කියන්නේ ? දැන් ඉස්තාලේ වහන්නයි හදන්නේ එහෙනම් ..
ඔව් ඔව්, දෙයි දැන් කී දෙනෙකුට දුන්නද?
ඔබ තුමා හැමදෙයක්ම “දෙනවා “ කියල කියනවනේ
දැන් තියෙන්නේ කටින් බතල කොළ හිටවන එක තමා.
අකිල නින්දෙන් ඇහැරිලාද කථාකරන්නේ? බුද්ධි අංශය හිරේ. එලියේ ඉන්න බුද්ධි අංශයේ සෙට් එක වැඩට බහින්නේ නැහැ ආණ්ඩුවේ පරිප්පු කන්න බැරි නිසා. ආණ්ඩුව මේ වගේ ගොන් පාට් දාන්නේ තමන් අවට වෙනදේ ගැන මෙලෝහසරක් දන්නේ නැතුව කියවන අය නිසා තමයි...
රටේ ආරක්ෂාව නොකඩවා පවත්වාගෙන ගියානම් මෙවැනි දේවල් වෙන්නේ නැහැනේ. යුද්දයක් තිබුනත් නැතත් හමුදා, පොලිසී, බුද්ධි අංශ දියුණු කල යුතුයි.
රටේ ආරක්ෂාව නොකඩවා පවත්වාගෙන ගියානම් මෙවැනි දේවල් වෙන්නේ නැහැනේ. යුද්දයක් තිබුණත් නැතත් හමුදා, පොලිසී, බුද්ධි අංශ දියුණු කල යුතුයි.
මහා බැංකුවේ හොරුන්ටත් කුමන තරාතිරමකට අයත් වුවද දැඩි දඬුවම් ලබා දෙන්න පුලුවන්ද ?? ඔබට බාරදුන්නේ ත්‍රස්තවාදයෙන් තොර රටක් නේද? දඬුවම් දෙන එකත් කුලියාපිටියේ වොක්ෂ්වැගන් ෆැක්ටරිය වගේ වෙයිද ?
මොකද්ද ඉතින් දැඩි දඩුවම ? ජීවිත කාලෙටම අපිනේ ඒ අයව ජීවත් කරන්න ඕනේ??
රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව ගැන තුට්ටුවකටවත් නොහිතා දේශපාලන බල අරගල වෙනුවෙන්, තම තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් එක එකා හඩ නගනවා මිසක ජාතියක් ලෙස එක් වී රට එක්සේසත් කිරීමට කිසිවෙක් කටයුතු කරන්නේ නැත. ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකිනවා. දුකයි රටට වෙලා තියෙන දේ දැක්කාම. මෙයට සිම්බන්ධ සියලු දෙනාටම දැඩි දඩුවම් පැමිණිවිය යුතුමයි.