(සුජිත් හේවාජුලිගේ)
නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකර කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බරපතළ ගැටලුවක් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හිදි පැවැසීය.
රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂි කර්මාන්තයට ගොවින් දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම හේතුව තුළ බව ජනපතිවරයා කියා සිටියේය.
ස්වභාව ධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ස්වභාව ධර්මය සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කළේය.
ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබේ. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති අතර, ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රි ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට බලෙන්... චීනාගේ පොහොර ගෙන්වනවා... ඒ අස්සේ පිටරට ගිහින් බයිලා කියනවා...!!!
ඇත්ත තමයි. ඒ වුණාට ගහෙන් ගෙඩි එන්නා වගේ කරන්න බෑ නේද මහත්තයෝ? "එක රටක් එක නීතියක්" හදන්න උපදෙස් ගන්න යන එක ගැන විරසක වෙලා ඔන්න අධිකරණ ඇමති තුමාත් ගෙදර යන්න හදනවාලු...
අයියා ගිය ඉතාලි සමුළුව වගේ එකක් මල්ලිත් හොයාගෙන තියෙන්නේ... වැරැදි දත්ත එක්ක පාදෙණිය ලියලා දීපු කතාවක් කරලා වගේ තමයි තේරෙන්නේ.. කාබනික පොහොර දාන ගමන් වනය විනාශ කළාට කමක් නැද්ද කියලා අහන්න ඔතන කවුරුවත් හිටියේ නැති එක ලොකු දෙයක්... හක්කේ බුදු රැස් තමයි ඉතින්...
ඔවා දෙනු පරහට, තමන් සම්මතයේ පිහිටා සිට. මේ විනාශකාරී මිනිසා මුළු ශ්‍රී ලංකාවේම කැලෑ කපන්නට තමන්ගේ හෙන්චයියන්ට බලය දුන්නා. කෙසේවෙතත් මුළු ලෝකෙම දන්නවා මහා විනාශකාරී අපරාධකරුවකු බව.
චීන පොහොර නොවෙයි , චීන අසුචි. ඕවා මේ රටේ දේශපාලුවන්ට ගගහා කවන්න වෙන දවසක් ළඟදීම එනවා.
අයියෝ සිරිසේන හොඳයි ... ලංකාව ඉතියෝපියාව කරලා තමයි පස්ස බලන්නේ...
කෘෂිකර්මයට කාබනික පොහොරද රසායනික පොහොරද කියන ප්‍රශ්ණයට වඩා පරිසරය රැකගැනීමට වඩාත් වැදගත් වන්නේ රටේ වන සම්පත ආරක්ෂාකර ගැනීමයි. වනාන්තර එලිපෙහෙලි කිරීමෙන් දැනටමත් ලංකාව වනවිනාශය කරා ලගාවෙමින් සිටිනවා.
ඔව් ඔව් එකනේ සිංහරාජේ මැද්දෙන් පාරකුත් කපලා හෝටලයකුත් හදන්න යන්නේ
වනාන්තර එලි කිරීම ,වැලි ගොඩ දැමීම ,වැව් තාවුලුවල හෝටල් තැනීම ,මුතුරාජ වේලට කෙලවීම /අනවසරෙන් පහත බිම් ගොඩ කිරීම ,රක්ෂිත වලට කෙලවීම ආදිය ගැන මොකද ඔබතුමාගේ අදහස ?