(එන් ආරච්චි)
කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේ දී කෘෂිකාර්මික කටයුතු වලට හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතු බවට කළ ප්‍රකාශයට පරිසර සංවිධාන විසින් දැක්වූ විරෝධතාවයට එරෙහිව සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් විරෝධතාවයක් කෑගල්ල නගරයේ දී අද දින (7) පැවැත්විණි.
එම පරිසර සංවිධානවලට තමන්ගේ ප්‍රදේශවල පැමිණ වන සතුන් සිදු කර ඇති වගා හානිය බලා දැක ගන්නා ලෙසත් ඔවුහු ප්‍රකාශ කළහ.
කෑගල්ල, සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර දිස්ත්‍රිකයේ සෙසු ප්‍රදේශවල ජනතාව ද මේ සඳහා එක්ව සිටියහ .
විරෝධතාකරුවෝ මෙහිදී එම පරිසර සංවිධානවලට ප්‍රකාශවලට විරුද්ධව ප්‍රකාශයන් ඇතුළත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පරිසර සංවිධානවලට එරෙහිව විරෝධතාවයක්
ජගන් බණ්ඩාර Saturday, 07 December 2024 02:11 PM
පරිසර සංවිධාන, වනජීවි සත්ව සංවිධාන කියන හැම එකකම ඉන්න අයට ගමේ ගැටලු වගේම සැබෑ ගැටළු ගැන මෙලෝ අවබෝධයක් දැනුමක් නෑ. කරුණාකර ගමට ගිහින් අත්විදින්න රිලා ත්‍රස්තවාදය ගැන. එතකොට මොළේ පෑදෙයි... රටට කරන හානිය පිළිබඳව. ආණ්ඩුව වහා මේ හිකනලුන්ගේ කෙනෙහෙලිකම් මායිම් නොකර කොන්ද කෙලින් තියන් ආර්ථික ඝාතක රිලා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සන්නද්ධ අංශයන් ගම්මානවලට යවන්න...
ඔසාමා Saturday, 07 December 2024 02:53 PM
පරිසර සංවිධානවල ඉන්නේ මහ කාලකන්නි. මයික් එකක් දැක්කගමන් කටට එන ඕනෑම දෙයක් කියවනවා. මොණරු, රිලව්, දඬුලේන්නු පොල්, වී ඇතුලු ගොවිතැන්වලට කරන විනාශය බලන්නකෝ ඇවිත්... අනිත් කාලකන්නි වනජීවි එකේ අය... වෙන ගම්වලින් අල්ලන රිලව් ගිහින් දාන්නේ කැලයට නෙවෙයි වෙනත් ගමකට. පොල් ගෙඩියක් 500 කටවත් ගන්න නැතිවෙයි... මේ කාලකන්නි සංවිධානවල ඉන්න අය නිසා...
Anita Saturday, 07 December 2024 03:13 PM
ඔව්වන්ට ගහලා එළවන්න ඕනෑ. බොරු පරිසර කාරයෝ
pj Saturday, 07 December 2024 03:18 PM
තරුණ සංවිධානය මෙහෙය වන්නේ නාකි පප්පලා ටිකක්...
ජහමනයා Saturday, 07 December 2024 05:56 PM
දන්නැති හින්දයි අහන්නේ, දැන් ඔටාරච්චියේ සත්ව කරුණාවට පුටුව උණුවෙන්නේ නැද්ද?
DewaSunday, 08 December 2024 08:19 AM
ජහමනයා... හැම එකටම දේශපාලනය ගාවගන්න එපා...!
Perera Saturday, 07 December 2024 11:39 PM
රක්ෂිත සියල්ලම එළි පෙහෙළි කරලා වගා කරපල්ලා, කැලෑවල් නැතිව ගියාම වන සත්තු ඉබේටම නැතිවෙලා යාවි...!
ගමේ එකාලා Sunday, 08 December 2024 03:17 PM
ගම්වල ඉන්න රිලව් ටික අල්ලන් ගිහින් පරිසර සන්විධානවල ඉන්න අයට ගිහින් දීපල්ලා, නැත්නම් අනික් සතුන්ගේ මස් කනවා වගේ රිලා මස් කන්න දුන්නා නම් හරි....
janaka Sunday, 08 December 2024 11:13 PM
ඔය පරිසර වේදීන් කියාගන්නා අය හුඟක් NGO අය, වනජීවී එකෙත් එක්ක හුඟාක් ඩීල් දාගෙන ඉන්නේ, හැම එකටම විරුද්ධ වෙන අය. ඔවුන්ව පලවා හැරිය යුතුයි.