
(අංජුල මහික වීරරත්න)
මහජන ගැටළු විසඳීමට රාජ්‍ය නිලධාරින්ගේ සහය ලැබෙන්නේ නැතැයි ද රාජ්‍ය නිලධාරින්ගේ වැරදි නිසා දේශපාලනඥයා බැණුම් අසන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ගමේ ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා වන රැස්වීම් මාලාවක් ලබන මස 31වැනිදාට පෙර සංවිධානය කරන ලෙස ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ද සහභාගී කර ගත යුතු බව අමාත්‍යවරයා කීය.
සමෟද්ධිය හා අනෙකුත් ව්‍යාපෘතිවලදී ආධාර ලබාදෙන පිරිස් තෝරාගත් ආකාරය එම රැස්වීම් වලදී රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළයුතු බවද අමාත්‍යවරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුවක් කල් ජනතාවට වින කරලා එන්න බලන්න ජනතාව අතරට.. අපි හොඳින් සලකන්නම්...!
අපි නම් කියන්නේ නැහැ.. ඔය ගොල්ලෝම හරියි කියලා...
අපි ඒත් බැලුවේ..., කොහෙන්ද මේ මී හරක් ගඳක් එන්නේ කියලා...
එතකොට කප්පම් ගත්තෙත් රාජ්‍ය නිලධාරීන්ද? මෙයා දැන් බබා වෙන්න හදන්නේ ඡන්දයක් එන බව දැනිලාද?
කොතෙකුත් ගොඩ ඇදපු (අබලන්) වාහන දැක ඇතුවාට සැක නැත. සම්පූර්ණයෙන්ම අබලන් තත්වයට පත්වූ පසු අලුත්වැඩියා කර ධාවනයටගත් වාහන දැක තිබේද? එසේම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් හෝ සම්පූර්ණයෙන්ම බංකොළොත් භාවයට පත් වූ පසු එකී ව්‍යාපාරය හෝ කර්මාන්තය හෝ නැවත නගා සිටුවා ව්‍යාපාරය පවත්වාගෙන යන ව්‍යාපාරයක් කර්මාන්තයක් දැක තිබේද? ඒ ආකාරයෙන්ම යම් සටන්කාමී සංවිධානයක් හෝ දේශපාලන සංවිධානයක් හෝ ඔවුන්ගේ දැක්ම හා මූලෝපායික වැරැදි හේතුවෙන් සටන් ව්‍යාපාරය විනාශ වූ පසු නැවත ජනතාවට සුබ සිද්ධි දායක ලෙස ගොඩනැගුණු සටන් ව්‍යාපාර හෝ දේශපාලන සංවිධාන තිබේද? එසේ නැති බව අපගේ අදහසයි. නායකයින් වුව ද එසේයි. දැක්ම හා උපක්‍රමික වරදින් පරාජිත සටන් ව්‍යාපාරයක නායකයෙක් එම වැරදි මතවාදය අත් නොහැර, නැවත මතු වී සටන් ව්‍යාපාරයක දිනන ලද නායකයෙක් සිටීද? ලෝක ඉතිහාසයේ එවැනි ආකාර දිනන ලද සටන් නායකයින් නැත. රටකට වුවද එසේමය. රටක්, තම පාලන දැක්මේ සහ රජ්‍ය පාලන උපායමාර්ග වරදින්ද දූෂිත බවින් යුතු රාජ්‍ය නායකයින් විසින් රටක් බංකොලොත් කර, පසු එකී නායකයින්ගෙන් ඒ රට නැවත ගොඩනගා ගත හැකිය'යි යමෙක් සිතන්නේ නම් එය හිතළුවක් පමණක් වනවා ඇත...
ලෝක ඉතිහාසය පිරික්සීමේදී එසේ වූ තැනක් නොදැකිය හැකිය. ලංකා රාජ්‍ය, අදූරදර්ශී දේශපාලන තීන්දු ක්‍රියාත්මක කොට මහත් දේශපාලන හා ආර්ථික අගාධයකට හැලූ පුද්ගලයන්ගෙන් එම දේශපාලන සහ ආර්ථික සූදුව තුළින් මේ රට නැවත ගොඩනගා ගැනීමට උත්සාහ දැරීම මහත් වූ විහිළුවකි. රටේ ජනතාවට වූ මහත්ම අභාග්‍යයකි.
කප්පම් ගන්න එක වහාම නවත්තපන්
රාජ්‍ය නිලධාරීන් රටේ නීතියටත්, ව්‍යවස්ථාවටත්, ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල ආයතන සංග්‍රහවලටත් එකඟව ක්‍රියා කිරීම වළකා, දේශපාලකයින්ගේ අවශ්‍යතාවයන්ට එකඟව කටයුතු කිරීමට පටන් ගත්තේ 1956 සිටයි.
එදා කප්පම් අරගෙන ඉඩමක් ගොඩකිරීම සඳහා රාජ්‍ය නිලධාරියකුට බලපෑම් කළහඬ පටයක් මතකද? දැන් එහෙම කරලා රාජ්‍ය නිලධාරීන්ගෙන් වැඩ ගන්න බැරිද?