
(විනීතා එම් ගමගේ)
මහ මැතිවරණයේ පශ්චාත් මැතිවරණ සමය 1977 න් පසු පැවැති මහ මැතිවරණය සමග සංසන්දනය කිරීමේ දී ප්‍රශස්තම මැතිවරණය යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය පවසයි.
1977 න් පසු මෙරට පැවැති සියලු මැතිවරණවල දත්ත ගබඩාවක් තම සංවිධානය සතුව ඇති බවත් ඒවා සමඟ සංසන්දනය කිරීමේ දී මෙවර මැතිවරණය ප්‍රචණ්ඩත්වය අඩුම මැතිවරණය ලෙස සැළකිය හැකි බවත් මැතිවරණ ප්‍රඡණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට අද (9) පැවසීය.
තම සංවිධානය කළ සොයාබැලීම් අනුව 1977 න් පසු පැවැති සෑම මැතිවරණයකදීම පරාජිතයින් පීඩාවට ලක්කර ඇති බවත් ඒවා සමග සංසන්දනය කිරීමේ දී අවම සිදුවීම් වාර්තා වී ඇත්තේ මෙවර බවත් මෙතෙක් සඳහන් කළේය.
මැතිවරණයෙන් පසු ගතවූ දින පහේ දී වාර්තා වී ඇත්තේ සිදුවීම් 12 ක් පමණක් බවත් ඒවාද බහින් බස්වීම්, ගැටුම් හා පහරදීම් පිළිබඳ සිද්ධීන් බවත් කී ඔහු ඉකුත් ජනාධිපතිවරණයේ දී පවා දින පහක් ඇතුළත සිද්ධීන් 44 ක් වාර්තා වූ බව ද කියා සිටියේය.
සංවිධානාත්මක පහරදීම්, පළිගැනීම්, වැනි සිද්ධීන් අවම වීම සතුටුදායක කරුණකැයි ද ඒ අනුව මෑත කාලිනව පැවැති ඉතාමත්ම ප්‍රශස්ත පශ්චාත් මැතිවරණ සමය ලෙස මෙවර මහ මැතිවරණයෙන් පසු ගතවූ දින පහ හඳුන්වා දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
පශ්චාත් මැතිවරණ සමය ප්‍රශස්ත වේ නම්, පළිගැනීම් හෝ දඬුවම් මාරු වැනි සිද්ධීන් සිදුනොවේ නම් නිලධාරින් ස්වාධීනව වැඩ කිරීමට පෙළඹෙන බව පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය ඉදිරියේ දී දිගටම පවත්වාගෙන යාම යහපත් මැතිවරණ සංස්කෘතියක් ඇති වීමට බලපාන බව ද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර මැතිවරණ දවසේ මැකෝතුමා කිව්වේ අගමැතිතුමා කුරුණෑගල ඡන්ද පොලවල් ගානේ ගිය එක වරදක්... නීතිමය පියවර ගන්නවා කියලා. දැන් ඒකත් ප්‍රශස්ත පැත්තටද?
ජනාධිපතිතුමා පෙන්වූ ආදර්ශය....
19 වැනි සංශෝධනය නිසා ඇතිවූ ස්වාධීනත්වය නිසා සිදුවූවක් මිස වෙනත් දෙයක් නොවේ. දැනට වසර 20කට හෝ 30 කට පෙර මෙම ස්වාධීන ආයතන ක්‍රියාත්මක වූවා නම් මේ ආකාරයටම පිරිසිදු මැතිවරණ තැබිය හැකිව තිබිණි. මැතිවරණ කොමසරිවරයාට 19 වැනි සංශෝධනයෙන් ලබාදී තිබෙන බලතල අනුව දේශපාලකයින්ගේ බලපෑම් නොමැතිව මැතිවරණ පවත්වන්නේ නම් මෙයටත් වඩා නිදහස් මැතිවරණ පැවතිය හැකිවේ. 19 වැනි සංශෝධනය අහෝසිකොට රාජපක්ෂ සංශෝධනය ඉදිරිපත් කළහොත් සියල්ල උඩුකුරු, යටිකුරු වනු ඇත..
ඒවගේම පිරිසිදුම මැතිවරණයත් මේකයි. මොකෝ ඡන්දෙ දාන්න කලිනුයි පස්සෙයි දෙපාරක් අත් වතුරෙනුයි සැනිටිසර් වලින් හෙදුවනේ.
මංජුල ගජනායකට පඩි ගෙවන්නේ ආණ්ඩුවෙන්ද දන්නෑ.