IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රංශයේ යුරෝපා මහලේකම් අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මහ ලේකම් ඈන් මාරි ඩෙස්කොටිස් මහත්මිය අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.

මෙම හමුවේදී ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණ.

දෙරට අතර සබඳතාව තවත් ශක්තිමත් කිරීමට ප්‍රංශයේ කැපවීම මහලේකම් ⁣ඩෙස්කොටිස් මෙහිදී අවධාරණය කළාය.

එසේම, මෙම සාකච්ඡාවේදී සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කළාපීය මධ්‍යස්ථානය සමග ගිවිසුම්ගත වීමේ වැදගත්කම අවධාරණය කළ අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලදී.

ප්‍රංශ රජය සමඟ සබඳතා ශක්තිමත්ව පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පිළිබඳව අවධාරණය කළ අගමැතිවරිය, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස, පාරිසරික ආරක්ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ප්‍රංශය සමග සහයෝගිතාවයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් (සංවර්ධන) මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ අතුරලිය යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුහ.



අදහස් (1)

ප්‍රංශයේ යුරෝපා මහලේකම් අග්‍රාමාත්‍ය හරිනි හමුවෙයි

Toni Thursday, 12 December 2024 10:45 PM

ප්‍රංශය පාලනය කරන හැටි පිළිබඳ උපදෙස් ටිකක් අහගන්න තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. හරිම ආඩම්බරයි අපිට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 606 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site