IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘ප්‍රශ්න විසඳුම් මිස රාජාසන කතා වැඩක් නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ)

ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට රාජාසන කතා ප්‍රතිපත්ති ප්‍රකාශ ගෙනැවිත් ප්‍රශ්න අමතක කිරීමට දරන උත්සාහයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාව වර්ජනය කළ බව නිදහස ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම නිසා දූෂණ වැළැක්වීම සඳහා ක්‍රියාත්මකවූ කමිටු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් අහෝසි වී ගොස් ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් දූෂණ වංචා දිගටම පවත්වාගෙන යෑමට අවස්ථාව උදාවී ඇතැයිද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කමිටු බොහොමයක අද සභාපති ධූර දරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බව හෙතෙම පෙන්වා දුන්නේය.

අද මුළු රටම නතරවී ඇති බවත් බදු බර දරාගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සිටින බවත් පීරිස් මහතා කීවේය.

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට මෙවැනි උත්සව පවත්වමින් කල් මැරීම ප්‍රායෝගික නොවන බව තම පක්ෂයේ අදහස යයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය.

ජී එල් පීරිස් මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ(8) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 



අදහස් (7)

‘‘ප්‍රශ්න විසඳුම් මිස රාජාසන කතා වැඩක් නෑ‘‘

PODDA Wednesday, 08 February 2023 06:54 PM

පසුගිය කාලවල රාජාසන කතාවලට හිටියේ.. ඔයා ඇමැතිකම් කරපු කාලේ. ප්‍රශ්නවලට විසඳුම් දුන්නද?

:       1       20

Prabha Wednesday, 08 February 2023 08:57 PM

ඒ දවස්වල ඔහොම කිවුවානම් මහ රජානෝ මෙයාගේ හක්ක පන්නලා

:       0       2

WCA Wednesday, 08 February 2023 08:27 PM

එකට ආණ්ඩු කරනවා චන්දෙ ලංවෙලා බෙදිලා බැනල චන්දෙ අරන් ආයේ මුක්කු ගහනවා මාරු තියරි මුන්ගේ

:       0       2

Saththaya Wednesday, 08 February 2023 09:37 PM

ප්‍රශ්න සහ බංකොලොත් භාවයට 100% උදව් කරලා , ඒ කියන්නේ ගොට්ට අල්ලලා, දැන් මොනවාද මේ කතා කරන්නේ බබෝ . තවත් ජනතාව අගාදයට ඇදල දාන්නේ නැතුව විශ්‍රාම ගන්නකො , පින් සිද්ද වෙයි .

:       0       4

sampath Wednesday, 08 February 2023 10:09 PM

දැන් ජනතාවට කවුරුවත් වැඩක්ම නෑ .ඒක මේ කාටවත් තාම තේරුම් නොයෑමයි පුදුමේ

:       0       1

kavinda disanayaka Thursday, 09 February 2023 03:38 AM

ජනාධිපති රනිල්ට විතරද රාජාසන කතාව කිරීමේ සම්ප්‍රදාය අකැප .අනිත් සේරම එහෙනම් එහෙයියා කඩේ ගියේ .වයසේ තරමට වත් කුහක අදහස් ප්‍රකාශ කරන එක නවතිනවා .මහලොකු මහාචාර්ය කෙනෙක් නේද මේ කුහකකමින් මොර දෙන්නේ .අර අපූරුවට රනිල් ජනාධිපති එන වෙලාවෙත් නැගිටලා ආචාර කලේ මොන කෙහෙල්මලටද .මේවාට තමයි කියන්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියලා

:       1       5

senaThursday, 09 February 2023 12:06 PM

අවුරුද්දට පස් සැරයක් පාර්ලිමේන්තුව විසුරුවන්නයි, කල් දමන්නයි යන්න සල්ලි, රනිල් ගෙදරින් ගෙනාවා නම් කමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site