
(කාංචන කුමාර ආරියදාස)
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා ගුවන් සමාගම සහ ප්‍රංශයේ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව සංවිධානය කරන ලද Raid Amazones 2022 වැඩසටහන සීගිරිය පොල්අත්තාව ගම්මානයෙන් අද දින පෙරවරුවේ ආරම්භ කළේය.
ප්‍රංශ යුවතියන් තුන්සීයක් පමණ දෙනාගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ශ්‍රි ලංකා ගුවන් සමාගමේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කළහ.
පොල්අත්තාව විහාරස්ථානය අසලට ඒකරාශි වූ ප්‍රංශ යුවතියෝ 300 දෙනාගෙන් දෙසිය හතළිහක් පමණ දෙනෙක් අළුයම හයයි තිහට පමණ ග්‍රාමීය ප්‍රදේශ ඔස්සේ කිලෝමීටර් 16ක පමණ දුරක් පා ගමනින් දිවීම ආරම්භ කළෝය.
ප්‍රංශ යුවතියන් කණ්ඩායම්වලට බෙදා විනෝදාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙය සංවිධානය කොට තිබුණු අතර සීගිරිය සිට වෑවල වැව දක්වා මෙම පිරිස දීවීම සිදුකරන බව ශ්‍රි ලංකා ගුවන් සමාගම කියයි.
මේ අවස්ථාවට එක්වූ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රංශයේ සිට යුවතියන් තුන් සියයක් පමණ දෙනා එක්ව සිටින බවය .එයින් යුවතියන් දෙසිය හතළිහක් පමණ දෙනා මෙම ඉසව්වට සහභාගී වන බවත් ඉදිරි දින කිහිපයේම මෙවැනි විවිධ ඉසව් සංචාරක ප්‍රවර්ධනයට සූදානම් කර තිබෙන බවද සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලකෝලම්..! මිනිස්සුන්ට කන්න නැහැ. තෙල් නැහැ.
එන අයට ඉන්ඩ තැන් නෑ, තෙල් නෑ, විදුලිය නෑ. මහ ලොකුවට ප්‍රවර්ධන කරනවා. සල්ලි විසි කරන වැඩ විතරයි කරන්නේ. වැඩක් තියන දේ නෙමෙයි.
මෙයාලාව ගෙන්වන්න කෝටි ගණනක් වැය කරලාද දන්නේ නෑ. එහෙම නොවුණානම් කමක් නෑ. සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කර සංචාරකයින් ගසා කන එක නවත්වන්න ඕන...!
සංචාරක ඇමතියාගේ අනුවණ වැඩ... මොලේ මඤ්ඤං වෙලාද මන්දා...?
මට මේක තේරෙන්නේ නැහැ. ප්‍රංශ කෙල්ලන් ටිකක් පා ගමනක් ගියා කියලා ඒකෙන් පිටරට සංචාරකයින් ලංකාවට එන එක වැඩි වෙන්නේ කොහොමද...? මේකත් එක්ක බද්ධ වුණු ප්‍රවර්ධන වැඩසටහනක් විදේශ රටවලත් පවත්වන්න ඕන නේද..? එහෙම වැඩසටහනක් නැද්ද..? එහෙම නැත්තම් ඇත්තටම ප්‍රවර්ධනය කරන්න හදන්නේ සංචාරක ව්‍යාපාරයද? පයින් යෑමද...? මේ දවස්වල තෙල් නැති නිසා කොහොමත් සංචාරකයින්ට සංචාරය කරන්න වෙන්නේ පයින් තමයි.
පිස්සු තමයි... ගෑස් නෑ, ලයිට් නෑ... බඩු ගිනි ගණන්... දිව්වාම හරි..!
පව් කෙල්ලෝ ටික...!
ඔය පැමිණි තරුණියන් කුමන ආකාරයේ හැකියාවන්ගෙන් සපිරි අය වන්නට ඇත්ද? ඒ හැකියාවන් ප්‍රයෝජනයක් ගැනීමට හැකිවී නම් කොතරම් අගනේද?
කන්ද උඩ ඉන්න කට්ටියට ගෑස්, පාන්, පරිප්පු, විදුලිය නැහැයිලු නේද?