
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 3660 කට වැඩි අතිරේක මුදලක් ගෙවීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ ඒකමතිකව සම්මත විය.
මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවීම සඳහා වැය කිරීමට අපේක්ෂා කෙරේ.
ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම ඇස්තමේන්තුව විවාදය සඳහා ඉදිරිපත් කළේය. විවාදය අද දහවල් 11.00 ට පමණ ආරම්භවී පස්වරු 5.00 දක්වා පැවැත්විණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගෙවන කෝටි 3360 භාගයක් විතර පහුගිය කාලයේ ආණ්ඩු කෙරුව දේශපාලකයින්ගේ සාක්කු වලට යන්න ඇති කොමිස් හා අල්ලස් විදිහට...
පොඩි සල්ලියක් නොවෙයි... ඩොලර් කෝටි දහයකට වැඩි මුදලක්. ඉතින් පාඩු ලබන ආයතන වල පාඩුව ආණ්ඩුව ගෙවන්නෙත් මේ අපි වගේ මිනිස්සුන්ගෙන් එකතු කරන සල්ලි වලින්. කිසිම තේරුමක් නැති වැඩක්.
එහෙනං බිමල් ලොක්කා ගොඩ. තව පරම්පරා ගානකට. මොකද ගියපාරත් සල්ලි වෙන් උනාට කරපු කෙං ගෙඩියක් නෑ. රාජපක්ශලා නම් වැඩක් කරලා තියෙනවා. මුන් ගමේ පාරෙ වලවල් ටික වත් වැහුවෙ නෑ.