(යොහාන් භාසුර)

ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමෙන් ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද (7) පෙරවරුවේ යොමු කර ඇති අතර තමන් සභාපතිවරයා ලෙස මුහුණ දුන් සියලුම කරුණු එම ලිපියට ඇතුළත් කිරීමට ද වෛද්‍යවරයා පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.