
(යොහාන් භාසුර)
බර වාහන රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා සඳහා වන මුත්‍රා පරීක්‍ෂණවලට භාවිතා කරන පරීක්‍ෂණ කට්ටල නොමැති වීමෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.
එම පරීක්‍ෂණ කට්ටල ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම හිඟයට හේතු වී ඇති අතර මෙම තත්වය මත බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි දැනගන්නට තිබේ.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල පරීක්‍ෂණ කට්ටල ලැබේ යැයි විශ්වාසයෙන් පසුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd